Logo
2019 ජූලි මස 17 වැනි බදාදා

ආණ්ඩුවේ කැකිල්ලේ තීණ්දු-පැමිණිළිකාරයන්ට දඬුවම්-ගම්මන්පිල



ආණ්ඩුව විසින් දඬුවම් කරන්නේ විත්තිකරුවන්ටද පැමිණිලි කරුවන්ටද යන්න පිළිබඳව සැකයක් මතුව ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

පිවිතුරු හෙල උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා විසින් රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාට එරෙහිව චෝදනා 16ක්, සාක්ෂි 80ක් සහිතව පොලිසියට ඉදිරිපත් කර තිබූ අතර ඊට අදාළව කළ දැනුම්දීමක් මත අද(16) ඔහු ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණියා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මේ බව පැවසීය.

“ආණ්ඩුව රිෂාඩ් බදියුඩීන් මන්ත්‍රිවරයාට එරෙහිව තිබෙන චෝදනා පොලිසියට ගොනු කරන්න කිව්වම අපි සාක්ෂි 80ක් සහිත  චෝදනා 16ක් පොලිසියට ඉදිරිපත් කළා. 

එතනදී රිෂාඩ් බදියුඩීන් මන්ත්‍රිවරයාගේ පවුලේ අය අක්කර 3000 ට වැඩි ඉඩම් ප්‍රමාණයක් මන්නාරමින් අත්පත් කරගන්නට යොදාගත්ත  ඔප්පු 68ක  පිටපත් පවා අපි පොලිසියට ඉදිරිපත් කළා. 

ඔන්න අපි මුලින්ම මේ ලේඛන හොයන්න සතියක් විතර දුක් වින්දා. ඊට පස්සේ අපි පොලිසියට පැමිණිලි කළාම නැවත පොලිසියේ පොතක ලියාගෙන පැය තුනක විතර අපෙන් ප්‍රකාශයක්  සටහන් කර ගත්තා. 

දැන් අපිට නැවත වතාවක් මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාසයට ඇවිල්ල ඒ පැමිණිල්ල ගැන ප්‍රකාශයක් ලබා දෙන්න කියනවා. එතකොට එකම පැමිණිල්ල කරන්න ඇවිල්ලා අපිට තුන් පාරක් දුක් විඳින්න සිද්ධ වෙලා තියෙනවා. 

ඒ නිසා අපිට සාධාරණ සැකයක් ඇතිවෙලා තියෙනවා මේ ආණ්ඩුව දඬුවම් කරන්නේ විත්තිකාරයන්ටද නැත්නම් පැමිණිලිකාරයන්ටද මොකද පැමිණිලිකාර අපිට මෙච්චර වද විදින්න වුණාට රිෂාඩ් බදියුඩීන් මන්ත්‍රිවරයා නම් තාම යහතින් ඉන්නවා ඔහුගේ එක රෝම කූපයකට වත් හානියත් මෙතෙක්  සිද්ධ වෙලා නෑ.“







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'