Logo
2019 නොවැම්බර් මස 16 වැනි සෙනසුරාදා

යහපාලන මාධ්‍ය නිදහස රෙද්ද පල්ලෙන් බේරේ-විරුද්ධ මත පළ කළ මෙරට සමාජ ජාලා වෙබ් පිටු 1500ක් අක්‍රීය කරයි



ආණ්ඩුවට විරුද්ධ මත පළ කළ මෙරට සමාජ ජාලා වෙබ් පිටු 1500ක් පමණ අද වන විට අක්‍රීය කර ඇතැයි ගායන ශිල්පී ඉරාජ් වීරරත්න චෝදනා කරයි.

ලක්ෂ 11ක රසිකයින් පිරිසක් සිටි තම ෆේස්බුක් ගිණුම අක්‍රීය කිරීම සම්බන්ධයෙන් අද දෙරණ ' TALK WITH CHATHURA ' වැඩසටහන සමඟ අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

ආණ්ඩුවට වැරදි පෙන්වා දෙන තමා වැනි කලාකරුවෙක් මීට පෙර දැක ඇත්දැයි ඉරාජ් මෙහිදී ප්‍රශ්න කර සිටියේය.

ගිණුම නැවත තමාට හිමිවේ දැයි තමා නොදන්නා බවත් මේ වන විට ඉන්දියාවට කථා කරමින් එය ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බව ද ඔහු සඳහන් කළේය.

නමුත් එහි මාෆියාවක් ඇති බවද පැවසු ඉරාජ් වීරරත්න මහතා පවසා සිටියේ, ලංකාවේ අද වන විට පේජ් 1500ක් ආණ්ඩුවට විරුද්ධව කථා කිරීම නිසා අක්‍රීය කර ඇති බවයි.

මැතිවරණ වැඩ කරන විට තමා තර්ජනයක් ලෙස දකින්නට ඇති බව ද සඳහන් කල ඉරාජ්, ඒ නිසා තමාට පහර දුන් බවත්, එයට අදාළ සියලු සාක්ෂි තමා ළඟ ඇති බවත් පැවසීය.

ජනාධිපති මාධ්‍ය අංශය ඇතුළේ ඉන්න අය සියලු තොරතුරු තමාට ලබා දුන් බව ද පැවසු ඉරාජ්, මේ පිළිබඳ සමහර විට ජනාධිපතිවරයා හෝ නොදන්නවා ඇති යැයි කියා සිටියේය.

තමාට ඇතුළේ ඉන්න අය සියලු දේ පෙන්නු බවත් පැවසු ඉරාජ්, ඥානසාර හිමියන් නිදහස් කිරීමට තමා කථා කළ බවත් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඒ ගැන අදහස් ප්‍රකාශ කල අයගේ පේජ් අක්‍රීය කිරීමට කටයුතු කර ඇතැයි  ද ඉරාජ් වැඩිදුරටත් චෝදනා කළේය.

අද දිනයේ දී තමාට ලක්ෂ 11 නැති වු නමුත් තමා වැටෙන් නැති වුවත් හෙට දවසේ බලා සිටින ඕනෑම අයෙකුට මෙය සිදු විය හැකි බව ද ඔහු පැවසීය.

ඥානසාර හිමිගේ ඡායාරූපයක් හෝ අද වන විට ෆේස් බුක් එකේ පළ කිරීමට නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන බව ද ඔහු සඳහන් කළේය.

මේ අතර නීතීඥ සංවිධාන එකමුතුව ද ඉකුත් දා මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේය.

ඉන් සඳහන් කර ඇත්තේ ගායක ඉරාජ් වීරරත්නගේ ෆේස් බුක් පිටුව අක්‍රීය කිරීම, පසුගිය කාලය පුරා ආණ්ඩුවට එරෙහි මත දැරීම හේතුවෙන් ඔහුට අත්විඳීමට සිදුවූ අභාග්‍යසම්පන්න ප්‍රතිඵලයක් ලෙසයි.

කෙසේවෙතත්, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පුරවැසියන්ට ලබා දී ඇති මූලික මිනිස් අයිතිවාසිකමක් වන භාෂණයේ, ප්‍රකාශනයේ හා අදහස් පළ කිරීමේ නිදහස උල්ලංඝණය වන ආකාරයෙන් කටයුතු කිරීමට විදේශීය ආයතනයක් වුවද ෆේස්බුක් ආයතනයට ශ්‍රී ලංකා භූමිය තුළ කිසිඳු නීත්‍යනුකූල හිමිකමක් නොමැති බවද ඔවුන් එමඟින් අවධාරණය කරයි.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'