Logo
2019 ඔක්තෝම්බර් මස 16 වැනි බදාදා

රටේ සීඝ්‍ර සංවර්ධනයට ජනපති අගමැති දෙකම එජාපයට ඕන-සුජීව



රට තුළ සීඝ්‍ර සංවර්ධනයක් ඇති කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරයෙකු  සහ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පත් කරගන්නා බව කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.

කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව කැබිනට් නොවන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

පක්ෂය වසර 25 ක් පමණ පක්ෂය විශාල පසුබෑමකට ලක් වු බවත් පැවසු සුජීව සේනසිංහ මහතා, එයට මුලික හේතුව පක්ෂයේ සිටිය නායකයින් විශාල ප්‍රමාණයක් ඝාතනය වීම මෙයට මුලික හේතුව බවයි.

එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් එක්සත් ජාතික පක්ෂය විනාශවු බව ද පැවසු අමාත්‍යවරයා, නැවත වතාවක් නැඟී සිටිමට විශාල කාලයක් ගත වු බව ද පැවසීය.

ලංකාවේ ආර්ථික වර්ධන වේගය 8.2 කට ගෙන ආ හැකි බව ද පැවසු අමාත්‍යවරයා, එවැනි දෙයක් කළ හැක්කේ එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරයෙක් හා ආණ්ඩුවක් පත් කර ගැනීමෙන් බවද සඳහන් කළේය.

ලංකාවේ ජනමතය අනුව සජිත් ප්‍රේමදාස මහතාට විශාල සහයෝගයක් ඇති බවත් පැවසු අමාත්‍යවරයා, කෘතියාධිකාරී මණ්ඩලය විසින් එයට අදාළ ක්‍රියාමාර්ග ඉදිරියේ දී ගනු ඇතැයි ද පැවසීය.

ජනතාවගේ බහුතර කැමැත්ත එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා සතු වන බව ද පැවසු අමාත්‍යවරයා, ඉදිරියේ දී එජාප යට ස්වර්ණමය යුගයක් ඇති විය හැකි බව ද සඳහන් කළේය.
 







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'