Logo
2019 ඔක්තෝම්බර් මස 16 වැනි බදාදා

මෙවර ජනපතිවරණයේදී එජාපයට හොම්බෙන් යන්න වෙයි-ෆොන්සේකා



මෙවර ජනාධිපතිවරණයේදී රට හදන්න පුළුවන් පුද්ගලයෙක් අපේක්ෂකයා නොකලහොත් තමන් එම වේදිකාවට නගින්නේ නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඡන්දය දිනීමට වඩා රට හැදීමට පුළුවන් අයෙකු ඉදිරිපත් නොකළහොත් එක්සත් ජාතික පක්‍ෂයට හොම්බෙන් යන්නට සිදුවනු ඇතැයිද ඔහු සදහන් කලේය.

පාර්ලිමේන්තුවටත් ජනාධිපති පුටුවටත් සාමාන්‍ය පෙළ හෝ සමත් අයෙකු යැවීමට කටයුතු කිරීම ජනතාවගේ වගකීමක් යයිද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

උත්සවයකින් පසු මාධ්‍ය අමතමින් මන්ත්‍රීවරයා මේ බව කීවේය.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'