Logo
2019 ඔක්තෝම්බර් මස 16 වැනි බදාදා

දයාසිරි රෙද්ද ගලවා පාස්කු කමිටුව හමුවට



 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් 225 දෙනා තොරතුරු දැන සිටි බවට එල්ල වන චෝදනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා විසින් ප්‍රතික්ෂේප කරයි.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ බෝම්බ පිපිරීමක් සිදු නොවීම පිළිබඳ තමාටද ගැටළුක් පවතින බවත් එය ජනතාවටද ගැටළුවක් බව නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පෙන්වා දෙයි.

පසුගිය පාස්කු දින ප්‍රහාරයෙදී ලංකාවේ හෝටල් දෙකක බෝම්බ පිපිරීමටත් තවත් හෝටලයක් තුළ බෝම්බ පිපිරීමක් සිදු නොවීමටත් හේතුව පාර්ලිමෙන්තු කාරක සභාව විසින් සොයා බැලිය යුතු බව ඒ මහාත සඳහන් කරයි.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ බෝම්බ පිපිරීමක් සිදු නොවීම පිළිබඳ නිසි සොයා ගැනීමක් සිදු නොකර ඇති බවයි.

මන්ත්‍රීවරයා අනුව මේ වන විට කාරක සභාවේ සාමාජිකයින් විසින් මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කිරීම් සිදුකරන අතර දෙරණ 360 වැඩසටහනට එක්වෙමින් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සිදුකළ ප්‍රකාශයක් පිළිබඳව කාරක සභාවේ වැඩි අවධානයක් යොමුව තිබේ.

කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ බෝම්බ පිපිරීමක් සිදු නොවීමට කිසියම් කාරණයක් හේතුවූ බව මන්ත්‍රීවරයා 360 වැඩසටහනේදී සදහන් කර තිබුණි.

ටි.වි.දෙරණ ඔස්සේ විකාශය වු 360 කාලීන සජීවි සංවාදී මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින්  සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධව මන්ත්‍රීවරයාගෙන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව  අද දින ප්‍රශ්න කරයි.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'