Logo
2019 අගොස්තු මස 22 වැනි බ්‍රහස්පතින්දා

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ලංකාවට



එක්දින කි‍්‍රකට් තරග 03කට සහභාගී වීම සඳහා බංග්ලාදේශ කි‍්‍රකට් පිළ ඊයේ (20) පස්වරුවේ දිවයිනට පැමිණියා.

මෙවර තරගාවලියේදී බංග්ලාදේශ කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ තමීම් ඉක්බාල්.

ලෝක කුසලාන තරගාවලියේ තුන්ඉරියව්වෙන් දස්කම් දැක්වූ ශකීබ් අල් හසන් මෙම තරගාවලිය සඳහා විවේක ගන්වා තිබෙනවා.

ශ‍්‍රී ලංකාව සමග පැවැත්වෙන එක්දින තරගාවලියේදී බංග්ලාදේශ කණ්ඩායමේ වේග පන්දු යැවීමේ උපදේශකවරයෙකු ලෙස චම්පක රාමනායක කටයුතු කරනු ඇති. දෙරට අතර පළමු එක්දින තරගය ලබන 26වැනිදා කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගනයේදී පැවැත්වෙනවා. 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'