Logo
2019 ඔක්තෝම්බර් මස 22 වැනි අඟහරුවාදා

රෝම අගනුවර පියගැටපෙළක් ආරක්ෂා කරන්න නව නීතියක්



ඉතාලියේ රෝම අගනුවර පිහිටි පුරාතන පියගැටපෙළක් ආරක්ෂා කිරීමට නව නීතියක් හඳුන්වාදීමට බලධාරීන් කටයුතු කර ඇත.

සියවස් ගණනාවක් පැරැණි ස්පාඤ්ඤ පියගැටපෙළ ඉදගැනීම වාරණය කරමින් නියෝගයක් නිකුත් කිරීමට රෝමයේ නාගරික බලධාරීන් පසුගියදා කටයුතු කළේය.

එමඟින් සිය සංස්කෘතික දායාද රැකගැනීම ඉතාලි බලධාරීන්ගේ අපේක්ෂාවයි.

නව නීතිය බලාත්මක කරමින් පියගැටපෙළ ආසන්නයේ නිරන්තර මුර සංචාරවල යෙදීමට රෝම නාගරික පොලීසියට සිදුව ඇත.

එහිදී පියගැටපෙළ මත හිද සිටින, ආහාර ලබාගන්නා හෝ ඒ මත යම් සටහන් තබන ඕනෑම අයෙක් ඉන් ඉවත් කිරීමටත් බලධාරීන් කටයුතු කරයි.

යම් හෙයකින් පොලිස් අවවාද නොතකා කටයුතු කරන ඕනෑම අයෙකුට යුරෝ 250 සිට 400 දක්වා වන දඩ මුදලක් නියම කිරීමේ අවස්ථාවද පොලීසිය සතුව තිබීමද විශේෂත්වයකි.

සුප්‍රකට පියාසා ඩි ස්පැග්නා චතුරස්‍රයේ කොටසක් වන ස්පාඤ්ඤ පියගැටපෙළ ඉදිකර ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 1725 දීයි.

වාර්ෂිකව එය නැරඹීමට ලක්ෂ සංඛ්‍යාත සංචාරකයන් පැමිණෙන අතර එහි ඇති අද්විතීය ගෘහ නිර්මාණ ලක්ෂණ ඔවුන් ඇද බැඳ තබාගැනීමට සමත් බවට සඳහන්.

මෙම සුවිශේෂී නිර්මාණය අනාගත පරපුර සදහා සුරක්ෂිතව තැබීමට මෙලෙස පියවර ගත් බව රෝම බලධාරීන් වැඩිදුරටත් පවසා තිබුණි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'