Logo
2019 අගොස්තු මස 22 වැනි බ්‍රහස්පතින්දා

ගෝඨාභය දළදා වහන්සේ වැඳ පුදා ගනියි



අද උදැසන මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේදී අති ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා සමග ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී දළඳා සමිඳුන් වැඳ පුදා නමස්කාර කලහ.
එම පිරිස එහි පැමිණීමේදී මාලිගාව ඉදිරියේ සිටි ජනතාව ජයඝෝෂා කරන්නට පටත් ගත්තද ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ‘මෙතන සද්ද කරන්න එපා’ යැයි පැවසීම නිසා එය නතර කර ඇත.
නමුත් තවත් අවස්ථා ගණනාවකදීම ජනතාව විසින් ජයඝෝෂා පැවැත්වූහ.
හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අස්ගිරි-මල්වතු මහා නාහිමිවරුන් බැහැ දැක උන් වහන්සේලාගේ ආශිර්වාද ලබා ගත්තේය.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'