Logo
2019 සැප්තැම්බර් මස 21 වැනි සෙනසුරාදා

මුස්ළිම් කාන්තාව ලිංගිකව සූරාකන කාති උසාවියට එරෙහි වූ ෆසීනාට එරෙහිව කාතිවරයාගෙන් පොළීසියට පැමිණිල්ලක්



කාති උසාවියේ ක්‍රියාකාරීත්වය පිළිබඳව ප්‍රසිද්ධියේ මාධ්‍යයට අනාවරණයක් කළ ඌවපරණගම ප්‍රදේශයේ කාන්තාවකට එරෙහිව අදාළ උසාවියේ කාතිවරයා බදුල්ල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට ඇය අද බදුල්ල පොලීසියට කැඳවා තිබුණි.

කාති උසාවි මගින් මුස්ලිම් කාන්තාවන්ට දැඩිව අසාධාරණකම් සිදුවන බවට මුස්ලිම් කාන්තාවන් කිහිපදෙනෙකුම පසුගිය දිනවල ප්‍රසිද්ධ මාධ්‍ය හමුවේ කරුණු හෙළි කළේය.

ජූලි මස 12 වැනිදා ඌවපරණගම, බෝවෙල ප්‍රදේශයේ අබ්දුල් ෆසීනා නම් කාන්තාවක් මාධ්‍ය වෙත අනාවරණය කර සිටියේ සිය දික්කසාදය සම්බන්ධයෙන් ප්‍රදේශයේ කාති උසාවිය දුන් තීන්දුවෙන් තමන් දැඩි අසාධාරණයට ලක් ව සිටින බවයි.

මේ පිළිබඳව බදුල්ල කාති උසාවියේ කාතිවරයා කළ පැමිණිල්ලකට අනුව ප්‍රකාශයක් ලබා දීම සඳහා අබ්දුල් ෆසීනා අද බදුල්ල පොලිසියට පැමිණියේය.

තමන් මාධ්‍යයට කළ හෙළිදරව්ව ගැන තමාට විරුද්ධව පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් ඉන් පසුව 
කාතිවරයාට මරණ තර්ජන එල්ල වු බව සඳහන් බවද ඇය ප්‍රකාශ කළාය.

නමුත් තමන් ඒ පිළිබඳ නොදන්නා බවත් තමා හෙළි කළේ තමාට වුණ අසාධාරණය බවත් ඇය ප්‍රකාශ කළාය.

සාධාරණයක් වේවි යැයි තමන් විශ්වාස කරන බව ද කාන්තාවගේ අත්සන නැතුව කාතිවරයාට දික්කසාදය දීමේ හැකියාවක් ඇති බව ද ඇය ප්‍රකාශ කළාය.

කාති උසාවියේ නීතිය ගැහැණුන් මහ පාරට ඇඳ දමන නීතියක් බවත් ලංකාවට එක් නීතියක් ප්‍රමාණවත් බවත් ඇය ප්‍රකාශ කළාය.
 







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'