Logo
2019 සැප්තැම්බර් මස 22 වැනි ඉරිදා

ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ බවට සැකපිට පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍යවරයා අත්අඩංගුවට



ත්‍රස්ත ක්‍රියා සඳහා සම්බන්ධ බවට සැකපිට කිලිනොච්චිය – පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සින්නයියා සිවරූබන් යුධ හමුදාව මගින් අද(19) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

41 වියැති සැකකාර අධිකරණ වෛද්‍යවරයා යාපනය සහ චාවකච්චේරි ප්‍රදේශවල ලිපිනයන් දෙකක් භාවිත කරමින් කටයුතු කර ඇති බවත් ලද තොරතුරකට අනුව සැකපිට ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

අත්අඩංගුවට ගැනීමෙන් පසු සැකකරු ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශයේ යාපනය ඒකකය වෙත භාරදී ඇති අතර එහිදී යාපනය පොලීසිය මගින් ඔහු රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදුකෙරෙන බව රුවන් ගුණසේකර මහතා පැවසීය.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'