Logo
2019 සැප්තැම්බර් මස 22 වැනි ඉරිදා

මහ බැංකු කොල්ලයට නොදෙවෙනි සජිත්ගේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ මංකොල්ලය



අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මධ්‍යම සංස්කෘතික අරමුලේ මුදල් දේශපාලන කටයුතු සඳහා යොදාගනිමින් සිටින බව ක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා චෝදනා කරයි.

අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේබව සඳහන් කළේය. 

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඉදිරියේදී සාකච්ඡා පැවැත්වෙනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

ඒ, ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වූ පළමු පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින්ය. 

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීම ඊයේ රාත්‍රියේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී පැවැත්වුණි.

මෙම රැස්වීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වූ පළමු පක්ෂ නායක රැස්වීමයි.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'