Logo
2019 සැප්තැම්බර් මස 16 වැනි සඳුදා

නාගා සහ පල්ලෙවත්ත විකල්ප දෙක එක්වෙයි-රනිල්ගේ බලල් අතක් බව හෙළිවෙයි



ජනපතිවරණ පොර පිටියට කලින්ම පැමිණ සිටි නාගානන්ද කොඩිතුවක්කු සහ රොහාන් පල්ලෙවත්ත එකට එක්වී වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවට ප්‍රකාශ කල අතර ඒ සඳහා රනිල් වික්‍රමසිංහගේ පවුලේ හිතවතිය දිල්රුක්ෂි වික්‍රමසිංහ ගෙන ඒමට අභ්‍යන්තර සාකච්ඡා ආරම්භවී ඇත.

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ පසුගිය 19 වෙනිදා එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ හිටපු සභාපතිනිය දිල්රුක්ෂි ඩයස් සිවිල් සංවිධාන නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් බව වැඩි දුරටත් වාර්තා වෙයි.

 දිල්රුක්ෂි ඩයස් අගමැති රනිල් වික්‍රමසිංහගේ පවුලේ සමීප මිතුරියක වන අතර ජ්‍යෙෂ්ඨ විනිසුරුවරු නොතකා අභියාචනාධිකරණයේ සභාපති ධුරයට ඈ පත් කිරීමට මේ වසර මුල දී අගමැතිවරයා දැඩි උත්සාහයක් දැරුවේ ජනාධිපතිවරයා යෝජනා කළ නම් දිගින් දිගටම ප්‍රතික්ෂේප කරමිනි.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'