Logo
2019 ඔක්තෝම්බර් මස 16 වැනි බදාදා

අතුරුදහන් වූ අත්තිකාරම් මුදල හා බකිම්හැම් අශ්වයා-ආචාර්ය නාලක ගොඩහේවා



පලිගැනීම හැර වෙනත් දෙයක් නොදන්නා යහපාලන ආන්ඩුවේ තකතිරු කම් නිසා සැප විඳි නිලධාරීන් බොහෝය.

රාජපක්ෂලාගේ බැංකු ගිනුම් හොයන්නට කියා මහජන බදු මුදලින් දින ගනන් නොව මාස ගනන් ලෝකය පුරා විවිධ රටවල සංචාරය කල සමහර පොලිස් නිලධාරීන් යහපාලනයට පින්සිදුවන්නට රැකියාවේ අවසාන කාලය සුර සැප විඳ දැන් විශ්‍රාම ගොසිනි. හොයාගත් ගිනුමක් නම් නැත.

සිරිසේන තුමාගේ උපදෙස්පිට නෙළුම් කුළුණ ඉදිකිරීමට මුල් වූ AILT සමාගම හොයන්නට චීනයට යන්නට ඇත්තේත් එවැනි වාසනාවන්ත‍යන් පිරිසකි.

"ටවුමට ගිහින් ඔන්න ඔහොම කඩයක් තිබෙනවාදයි බලං වරෙන් කොලුවෝ" කියනා මානසිකත්වයෙන් රාජ්‍යක පාලනය කල හැකිද.

තාක්ෂනය දියුණු අද ලෝකයේ චීනයේ AILT නැමති සමාගමක් තිබෙනා බවත් එය තිබෙනා තැනත් සොයා දෙන්නට අද දවසේ පාසැල දරුවෙකුට වුවත් පුලුවන.

තට්ටු ගනනාවක ගොඩැනැගිල්ලක පිහිටි AILT ආයතනය එතැන නැතැයි කියා ජනාධිපතිවරයාව විහිළුවකට ගත් ලංකාවේ තානාපතිටත් මහජන මුදලින් චීනය බලාගත් නිලධාරීනටත්. ඔවුන්ට උපදෙස් දුන් මහ උදවියටත් දෙන දඩුවම කුමක්ද ?

මීට අමතරව ගොඩනැගිල්ලක් ඉදි කිරීමට ගෙවන අත්තිකාරම් මුදලක් ගෙවන මුදලින් වැඩ අවසානයේ හෝ වැඩ අතරතුර කොටස් වශයෙන් කපාගන්නා බවත් වැඩේ ඉවර වෙන්නට කලින් අත්තිකාරම ආගිය අතක් නෑ කියා මහජනතාව ඉදිරියේ විලාප දෙන්නට පෙර අදාල නිලධාරීන් කැඳවා ගෙවුම් කල ආකාරය සොයා බැලිය හැකි බවත් බුද්ධිමත් ජනතාවට මතක් කරමි.

''ඇමෙරිකාවේ බකිම්හැම් මාලිගයෙන් ගෙනා රත්තරන් අශ්වයා' අපට අමතක නැත.

ඌත් අතුරුදහන්වී ඇත

 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'