Logo
2019 ඔක්තෝම්බර් මස 16 වැනි බදාදා

ගෝඨාගෙන් ප්‍රශ්ණ කරන්න උසාවිය ප්‍රතික්ෂේප කරයි



අමෙරිකානු පුරවැසිභාවය දරමින් සිටියදී පුරවැසි පනත සහ මැතිවරණ පනත උල්ලංඝනය කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලන කටයුතුවල නිරත වන්නේ යැයි සිදුකරන විමර්ශන සඳහා ප්‍රකාශයක් ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද ප්‍රතික්ෂේප කළේය.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයක් සිදුකර අවශ්‍ය නම් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස  කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ බව වාර්තාවේ.

එතෙක් මෙම ලිපි ගොනුව බහා තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය තීරණය කළේය.

චන්ද්‍රගුප්ත තේනුවර, ගාමිණී වියන්ගොඩ, යන දෙදෙනා විසින් පසුගිය අගෝස්තු 14 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශ නිතීඥ රැවන් ගුණසේකර මහතා විසින් නිකුත් කළ නිවෙදනය පහතින් දැක්වෙයි.
 

Media on 2019.09.20 at 2010 by Prageeth Karunasinghe on Scribd








Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'