Logo
2019 ඔක්තෝම්බර් මස 21 වැනි සඳුදා

ගෝඨාට මුහුණ දිය හැකි කිසිදු අපේක්ෂකයෙක් ආණ්ඩුවේ නෑ-බැසිල්



ගෝඨාභය රාජපක්ෂ මහතාට අභියෝග කළ හැකි අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ආණ්ඩුව අසමත් වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂකයාට හානියක් වන කිසිඳු තීරණයක් එක්සත් ජනතා නිදහස් සන්ධානය නොගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ විදේශීය ශාඛා සම්බන්ධීකරණ ඒකකයේ නව කාර්යාලය අද (20) පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. 

නෙලූම් මාවත, ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රධාන කාර්යාලය ආසන්නයේ පිහිටි නව ගොඩනැගිල්ලක අද සිට කි‍්‍රයාත්මක වන විදේශ ශාඛා සම්බන්ධීකරණ ඒකකය මඟින් විදේශ රටවල පක්ෂ සාමාජිකයින් හා පක්ෂය අතර සම්බන්ධිකරණය පවත්වා ගෙන යාම සිදුකෙරේ. 

විදේශ රටවල නව ශාඛා පිහිටුවීම, සාමාජිකයින් බඳවා ගැනීම මෙන්ම විදෙශ් රටවල සිටින පාක්ෂකයින් මුහුණ පාන ගැටලූ සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය පියවර ගැනීම මෙමගින් සිදුකෙරේ. 

නව කාර්යාලය විවෘත කිරීමෙන් පසුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ නිර්මාතෘ, බැසිල් රාජපක්ෂ මහතා මෙසේ පැවසීය. 

“ශී‍්‍ර ලංකාවේ දෙවුන්දරතුඩුවේ සිට පේදුරුතුඩුව දක්වාත්, මන්නාරම් තුඩුවේ සිට ති‍්‍රකුණාමලය දක්වාත් ග‍්‍රාම සේවා වසම් 14029ක ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුනේ ශෘඛා සමිති පිහිටුවලා තියෙනවා. මේ දිනවල උතුරු ප‍්‍රදේශයේ ශාඛා සමිති පිහිටුවීමත් සිද්ධ වෙනවා. ඒ අතරේ මැතිවරණයක් කැදවා තිබෙන නිසා අපි ඒ සඳහා සූදානම් වෙනවා. 

අපි ආරම්භයේ සිටම ප‍්‍රධාන රටවල, නගරවල විදේශ ශාඛා පිහිටුවන්න පියවර ගත්තා. විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයින් අපේ පක්ෂයට එකතු වෙන්න විශාල උනන්දුවක් දක්වනවා. 

මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් රට දියුණු වූ හැටි සහ රටට වටිනාකමක් ලැබීම ගැනත්, අද රටේ සිදුවෙන දේවල් සම්බන්ධයෙනුත් රටෙන් පිට සිටින ඔවුන්ට අවබෝධයක් තිබෙනවා. 

මෙතෙක් ශාඛා පිහිටුවා තිබුණත් ඒ සදහා වෙනමම අංශයක් තිබුනේ නැහැ. අද සිද්ධ වුනේ් විදේශීය ශාඛා සම්බන්ධීකරණය වෙනමම කාර්යාලයක් විදියට පිහිටුවීමයි. “







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'