Logo
2019 නොවැම්බර් මස 12 වැනි අඟහරුවාදා

වෙල්ගම -චන්ද්‍රිකා සිරිසේන පලවා හැර ඩාලිපාර වැටලීමට සැරසෙයි



ශ්‍රීලනිපය රැක ගැනීම සදහා වූ මූලික කටයුත්තක් ඩාලි පාරේ ශ‍්‍රීලනිප මූලස්ථානය අත්පත් කර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

එම කටයුත්ත සිදු කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයෙන් යයිද මන්ත‍්‍රීවරයා කීවේය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය ගත් තීරණය ශ‍්‍රීලනිපය විනාශ කිරීම සදහා වූ කුමන්ත්‍රණයක් යයිද ඔහු සදහන් කරයි.

ශ්‍රීලනිපය නැවතත් ගොඩනැංවීම සදහා ආසන සංවිධායකයන් හා මහජන නියෝජිතයන් සමග සාකච්ඡා කරන බවද ඔහු කීවේය.

පොහොට්ටුවට සහාය දීම කුමන්ත්‍රණකරුවන් විසින් ශ‍්‍රීලනිපය දිය කිරීම කල පිළිකුල් සහගත
කටයුත්තක් යයිද ඔහු තව දුරටත් පැවසුවේය.

හිටපු ජනපතිනිය සමඟ කුමාර වෙල්ගම මහතා මේවනවිට රහසිගත සාකච්ඡා අරඹා ඇතැයිද වාර්තා වේ.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'