Logo
2019 නොවැම්බර් මස 16 වැනි සෙනසුරාදා

ගෝඨා ජයග්‍රහණයේ මාවතට පිවිසෙයි



ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අවබෝධතා ගිවිසුමට අද අත්සන් තැබුණි.

ඒ නිමිත්තෙන් වූ නිල උත්සවය පැවැත්වුණේ බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදීයී.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අවබෝධතා ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාවට පක්ෂ දෙකෙහිම ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් රැසක් එක්ව සිටියේය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සම්ප්‍රාප්තියෙන් අනතුරුව දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුම අත්සන් කෙරුණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ගිවිසුමට අත්සන් තැබුවේ එහි මහලේකම් දයාසිරි ජයසේකර මහතායි.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'