Logo
2019 නොවැම්බර් මස 14 වැනි බ්‍රහස්පතින්දා

පොහොට්ටුවේ සැළුන් දොර ඇරියා-සී.බී.



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඕනෑම දේශපාලඥයෙකුට ඇතුලුවන්නත් පිටවෙන්නත් පුලුවන් අයුරින් සැලුන් දොරක් පවතින බව නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී.රත්නායක මහතා පැවසයි.

මන්ත්‍රීවරයා එසේ පැවසුවේ, මාවුස්සාකැලේ සමන් දේවාලයේදී අද (19) පෙරවරුවේ  විශේෂ පූජාවක් පැවැත්වීමෙන් අනතුරුව නල්ලතන්නිය, කල්පවෘක්ෂ විහාරයේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු  සී.බී.රත්නායක මහතා ,
“ශ්‍රී පාදස්ථානය වන්දනා කරන්න පැමිණි අවස්ථාවේ මා කියන්න ඕන මේ රටේ ජාතික ආරක්ෂා හා මේ රටේ ජාතික ආර්ථිකය අනාගත සැලැස්මක් අනුව අපේ මාතෘ භූමියට එකතුකරන්න යන ගමනේ ඝෝඨාභය රාජපක්ෂ මැතිතුමා සෘජු නායකත්වයකින් ස්තීර වශයෙන්ම රටේ ජනාධිපතිවරයා ලෙස පත්වෙනවා. 

ඒ පත්වීමත් එක්කම රටේ  සශ්‍රීක බාවයක් ඇතිවෙනවා කියන එක මගේ හා අපේ විශ්වාසය.

විජේදාස රාජපක්ෂ මන්ත්‍රිවරයාගේ පැමිණිම සම්බන්ධව කියන්න තියෙන්නේ පාට, පක්ෂ වලට වඩා මම හිතන්නනේ හෘද සාක්ෂියට එකඟව මගේ මාතෘභූමිය උතුම් කියන චේතනාවත් එක්ක ආපු ගමනක්.

සමහර අය එල්බගෙන ඉන්න පුලුවන් එක එකපක්ෂ ගැන. එක එක ප්‍රතිපත්ති ගැන. නමුත් සියළු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න නම් අපට රටක් තියෙන්න ඕන. 

ඒක හරියට තැල්ල බඳින්න බෙල්ල තියෙන් ඔන කිව්වොත් නිවැරදියි. එහෙම නැති වුණොත් අපිට ප්‍රශ්නයක් තියෙනවා.

විජේදාසරාජපක්ෂ මැතිතුමා දුරදක්නා ඥාණය පිළිබඳව ගත්තාවූ තීරණයට විශේෂයෙන්ම රටේ ජනතාව ස්තූති වන්ත වෙනවා. 

නිතරම සත්‍ය  කතාකරන, සත්‍ය වෙනුවෙන් පෙනී සිටින,සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න නිවැරදිව පෙනි සිටිය කෙනෙක් විදිහට මම එතුමා දකිනවා. 

මාතෘ භූමිය ගැන හිතන බොහෝ පිරිසක් ඉදිරියේදී අප සමග එකතු වෙන්න සිටිනවා. මහින්ද රාජපක්ෂ මහතා කිව්ව වගේ මේ පක්ෂයේ එතුමාගේ  ක්‍රියාකළාපයට ඕනම කෙනෙකුට ඇතුලුවෙන්නත් පුලුවන්.

ඕනම කෙනෙකුට පිටව යන්නත් පුලුවන්. එතුමා කිව්වා වගේ  සැලුන් දොරක් තියෙනවා. එන්නත් පුලුවන් යන්නත් පුලුවන්.”






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'