Logo
2019 නොවැම්බර් මස 16 වැනි සෙනසුරාදා

කාදිනල් හිමියන්ට ගෝඨාගෙන් ස්ථිර පොරොන්දුවක්



පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට කාදිනල් හිමියන් ඉල්ලූ පරිදි ජනාධිපති කොමිසමක් පත්කරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

අද (19) පස්වරුවේ මීගමුව නගරයේ සංවිධාන කර තිබූ ජනරැලියක් අමතමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේය.

සාර්ථක දැක්මක් - වැඩකරන රටක් යන තේමාව යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කරන ජනරැලි මාලවේ තවත් රැලියක් අද කිරිබත්ගොඩ නගරයේදී පැවැත් විය.

රැලිය සඳහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගි විය.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තවත් ජනරැලියක් අද පස්වරුවේ රාගමදී පැවැත් විය.

එම රැලියට පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහභාගි විය.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'