Logo
2019 නොවැම්බර් මස 13 වැනි බදාදා

ජනපතිට ලැබුණු බුද්ධි තොරතුරු අනුව ගෝඨාට 68%යි



ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා 68% ක ප්‍රතිශතයකින් ජයග්‍රහණය කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි.

කඩුවෙල ප්‍රදේශයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පක්ෂ කාර්යාලය විවෘත කිරිමේ අවස්ථාවට ඊයේ (19) එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

කිසිදු අවස්ථාවකදි තම ආසනය හෝ ජයග්‍රහණය කිරීමට නොහැකි පිරිසක් මේ වන විට සජිත් ප්‍රේමදාස මහතා වටා සිටින බවත් එම නිසා සජිත් ප්‍රේමදාස මහතා මේ වන විට පල්ලම් බහිමින් සිටින බවද මන්ත්‍රීවරයා පවසයි.

දෙමළ ජාතික සංධානය කළ යෝජනා 13ට රනිල් වික්‍රමසිංහ මහතා එකඟ වන්නේ නම් එම පෙරමුණද එම යෝජනා වලට කැමැත්ත පල කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'