Logo
2019 නොවැම්බර් මස 22 වැනි සිකුරාදා

ගෝඨාභය වෙනුවෙන් ශ්‍රිලනිපයෙන් ආශිර්වාද පුජාවක්



ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයට ආශිර්වාද පතා ශ්‍රි ලංකා නිදහස්  පක්ෂයේ වැඩ බලන සභාපති රෝහන ලක්ෂ්මන් පියදාස මහතා සහ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බි දිසානායක යන මහතුන් විසින් අද (20) මස්කෙලිය මවුස්සාකැලේ සමන් දේවාලයේදි විශේෂ ආශිර්වාද පුජාවක් පවත්වනු ලැබුහ.

නුවරඑලිය දිස්ත්‍රික් ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක ඩබ්ලිව්.ජි රණසිංහ මහතා විසින් සංවිධානය කර තිබු සමන් දේව ආශිර්වාද පුජාවට මස්කෙලිය ආසනයේ ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයන් විශාල පිරිසක්ද සහභාගි ඇත.

මවුස්සාකැලේ සමන් දේවාලය වෙත පැමිණි රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සහ එස්.බි දිසානායක මන්ත්‍රිවරයාව ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයන් විසින් පිලි ගැනිමෙන් අනතුරුවයි සමන් දේවාලයේ විශේෂ ආශිර්වාද පුජාව පැවැත්වුණේය.

සමන් දේව ආශිර්වාද පුජාවෙන් පසුව මාධ්‍යයට අදහස් දැක් වු එස්.බි දිසානායක මන්ත්‍රිවරයා කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ 50% ට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් මේ රටේ ජනාධිපතිවරයා වන බව ස්ථිර බවයි.

මෙවර ජනාධිපතිවරණයේදි අපෙක්ෂකයන් අතරේ සුළු ඡන්ද ප්‍රමාණයක්බෙදි ගියද සමස්ත රටේ  බහුතර ඡන්ද දායකයින්ගේ ඡන්දය ගෝඨාභය රජපක්ෂ මහතාට හිමිවන බවයි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'