Logo
2019 නොවැම්බර් මස 14 වැනි බ්‍රහස්පතින්දා

සජිත්ගේ උපාධි සහතිකය කිරිඇල්ලත් දැකලා...



එකාවන්ව එකතු වී දෙදහස් පහළොවේදී පැවැති  දුෂ්ට රාජ්‍ය පාලනය මහත් කැපවීමකින් සහ ධෛර්යයෙන් නොයෙකුත් බාධක හමුවේ පන්නා දැමු බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

 එදා ඒ දුෂ්ටකම් සියල්ලටම තිරය පිටුපස සිට ආශිර්වාද අනුබල දුන් ඒ දුෂ්ට චරිතය අද එළිපිට දේශපාලන වේදිකාවට සුදු ඇඳගෙන ඇවිත් නොයෙකුත් සුරංගනා කතා කියමින් ජනතාව රවට්ටන බවද ඔහු පවසයි. 

සජිත් ප්‍රේමදාස මහතාගේ මහනුවර දිස්ත්‍රික්කයේ ජන රැළි මාලාවේ අද (20) ගෙලිඔය සහ නාවලපිටිය ජන රැළි අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

"අපි මේ රටේ අනාගතයට ගැලපෙන ඉතා හොඳ පිරිසිදු ඉතිහාසයක් සහ සැබෑ වැඩ කිරීමේ කැක්කුමක් තියෙන තරුණ නායකත්වයක් යෝජනා කරමින් සිටිනවා.

සජිත් ප්‍රේමදාස මැතිතුමා මහා බ්‍රිතාන්‍යයේ උපාධිධාරියෙක්වන අතර ලංකාවේ පාර්ලිමේන්තුවේ වසර 20ක අත්දැකීම් තියෙන හම්බන්තොට ගොවියගෙ සිට කොළඹ ව්‍යාපාරිකයාද සමග සම්බන්ධතා ඇති අතිවිශිෂ්ට දුර්ලභ නායකයේක්. 

මම මහනුවර දිස්ත්‍රික් නායකයා හැටියට පොරොන්දු වෙනවා අපේ සජිත් ප්‍රේමදාස ජනාධිපතිතුමා යටතේ අපි ආරම්භ කරපු දැනට 50% ක් ඉදිකිරීම් අවසාන කොට ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ ඉතා ශීඝ්‍රයෙන් අවසන්කොට ඔබතුමන්ලාට බාරදී, රටේ ප්‍රධාන නගර දෙක සම්බන්ධ කරලා, ඒ තුලින් ඉතා දැවැන්ත සංචාරක ව්‍යාපාරය ප්‍රගතියක් අත්පත්කර දේන අතරතුර අපි සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවට සහජීවනයෙන් එකා වගේ ජීවත් වෙන්න පුළුවන් රටක් හදන්න.

 අපි ආණ්ඩුවක් හැටියට සියලු ජාතීන්ට සලකපු රජයක් වතු කම්කරු ජනතාවට ජීවිතයේ ප්‍රථම වතාවට සිය ජීවිතාන්තය දක්වා ඉඩමක භුක්තිය ලබා දුන්නේ දෙදහස් පහළොවේ දී මම වැවිලි කර්මාන්ත ඇමැති හැටියට ගෙනාපු "හරිත භූමි" කැබිනට් පත්‍රිකාවෙන්. "

මේ අවස්ථාවට උඩුනුවර ආසන සංවිධායක ජල සම්පාදන, ජලාප්‍රවාහන හා උසස් අධ්‍යාපන රාජ්‍ය නොවන අමාත්‍ය ලකී ජයවර්ධන මහතා සහ අනිකුත් ප්‍රාදේශිය දේශපාලඥයන් සහභාගිවී සිටියහ.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'