Logo
2019 නොවැම්බර් මස 19 වැනි අඟහරුවාදා

මහබැංකු හොරු සුද්ද කරන්න ගොස් නලින් නාගනී



පසුගිය දා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වූ ලග්ගල එක්සත් ජාතික පක්ෂ ජන රැළියේදී විරෝධතාවය එල්ල වූයේ අගමැතිවරයාට නොවන බව නියෝජ්‍ය ඇමැති නලින් බණ්ඩාර මහතා පවසයි.

ජනතා විරෝධය දක්වද්දී වික‍්‍රමසිංහ මහතා වේදිකාවේ නොසිටි බවත් ඔහු සඳහන් කළේය.

අගමැතිවරයා වේදිකාවට පැමිණියේ විරෝධතාවෙන් පසුව ඔහු කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

කෙසේ නමුත් හිරු රූපවාහිනිය ඇමතිවරයාගේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍ය බව පෙන්වමින් පෙර දිනයේ රූපරාමු නැවත විකාශය කළේය.

ඉන් පැහැදිලිව පෙනී යන්නේ රනිල් වික්‍රමසිංහ මහතා වේදිකාවේ කතා කරමින් සිටියදී පාක්ෂිකයන් දැඩි විරෝධය දක්වන බවයි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'