Logo
2019 නොවැම්බර් මස 15 වැනි සිකුරාදා

ගුරු උපදේශකයන් සජිත් කැඳවයි-මැතිවරණ කොමිසමට ආරංචිබව දැන අකිල පැනදුවයි



ගුරු උපදේශකවරුන් අද (23) කොළඹ විහාර මහා දේවී උද්‍යායනයට කැඳවා දේශපාලන රැස්වීමක් සිදුකිරීම පිළිබදව පරීක්ෂණයක් පවත්වන බව මැතිවරණ කොමිසම පවසයි. 

කෙසේ වෙතත් රැස්වීම ආරම්භයට පෙර අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙම රැස්වීමෙන් පිටව ගියේ තම අමාත්‍යංශයේ අනුදැනුමකින් තොරව මෙලෙස ගුරු උපදේශකයින් කැඳවා ඇති බව පවසමින්.  

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ පාසල් වල ගුරු උපදේශකවරුන්ගේ රැස්වීමක් කොළඹ විහාර මහා දේවි උද්‍යානයේදී අද පෙරවරුවේ ආරම්භ වීමට නියමිතව තිබුණි. 

රජයේ සේවකයින් සහභාගී කරගෙන දේශපාලන රැස්වීමක් පැවැත්වීම මැතිවරණ නීතියට පටහැනි බව පවසමින් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබූ අතර ඒ පිළිබද සොයා බැලීමට මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ නිලධාරීන්ද එම ස්ථානයට පැමිණියේය. 

රැස්වීම ආරම්භය පෙර එක්සත් ජාතික පක්ෂ මහලේකම් අධ්‍යාපාන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා එම ස්ථානයට පැමිණියද ඔහු නැවතත් ඉන් පිටව ගියේය. 

එම ස්ථානයන් පිටව ගිය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සදහන් කළේ මෙම රැස්වීම අධ්‍යපාන අමාත්‍යංශයේ අනුමැතියකින් තොරව සංවිධානය කළ එකක් බවයි. 

මේ අතර මාධ්‍ය කළ විමසීමකදී මැතිවරණ මහලේකම් කාර්යාලයේ ජේෂ්ඨ නිලධාරීයෙකු පැවසුවේ මෙම රැස්වීමට රාජ්‍ය සේවකයින් නිවාඩු වාර්තා නොකර පැමිණ ඇත්නම් ඔවුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි. 

ඉන් ටික වේලාවකට පසුව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම ආරම්භ විය.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'