Logo
2019 නොවැම්බර් මස 18 වැනි සඳුදා

ලොවම තිගැස්සූ මානුෂීය මෙහෙයුම



ලොවක් කම්පනයට පත් කරමින් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය අඩි සිය ගණනක් ගැඹුරු කුහරයක් තුළ පැය හැත්තෑ දෙකක් පුරා ජීවිතයත් මරණයත් අතර සටන් කරන සුජිත් විල්සන් සිඟිත්තා මුදා ගැනීමේ මෙහෙයුම සාර්ථක වේවිද? 

බාධා රැසක් මැද සිඟිත්තා මුදා ගැනීම සඳහා සිදු කෙරෙන එම අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක වේ.

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ට්‍රිචි ප්‍රෙද්ශයේ දිවි ගෙවන අවුරුදු 02 ක් වයසැති “සුජීත් විල්සන් නම් ළඳරුවා අඩි 600ක් පමණ ගැඹුරැති අත්හැර දමා තිබූ නළ ලිං කුහාරයකට වැටී තිබුණේ පසුගිය සිකුරාදා සවස 05.30ට පමණයි.

ඒ සුජීත් අසල්වැසි දරුවන් සමඟ සෙල්ලම් කරමින් සිටින අතරතුරයි.

මෙම නළ ලිං කුහරය දරුවාගේ ශරීර ප්‍රමාණයටම සමාන විශ්කම්භයකින් යුත් එකක් වූ අතර ඇඳවැටුණු සුජීත් ප්‍රථමයෙන් එහි අඩි 30ක පමණ ගැඹුරක සිරවී සිටියේය.

දරුවා මුඳා ගැනීම සඳහා වන මෙහෙයුම ඉන් පැය භාගයකට පමණ පසු ආරම්භ වූ අතර මුදවාගැනීමේ කණ්ඩායම් මුලින්ම උත්සහ කළේ කඹයක් යොදාගනිමින්.

නමුත් නළ ළිඳේ පවතින මඩ සහිත ස්වභාවය හේතුවෙන් එම උත්සහය ව්‍යර්ථ විය.

කෙසේවෙතත් ළිඳ තුළ සිරවී සිටි දරුවා ඒ තුළ සිට හඩන ශබ්දය මුදවාගැනීමේ කණ්ඩායම්වලට ඇසුණු බවත් ළදරුවා සිය මවගේ කටහඬට ප්‍රතිචාර දැක්වූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

ඒ අතරවාරයේ තවත් මුඳවාගැනීමේ කණ්ඩායමක් රොබෝ හස්තයක් මාර්ගයෙන් සුජීත් මුඳවාගැනීමට උත්සහයක නිරත විය.

එම රොබෝ හස්තයෙන් ළඳරුවා ඔසවා තැබීමට ගිය අවස්ථාවේ ඉන් ගිලිහී යන ළඳරුවා අඩි 30ක ගැඹුරේ සිට  ළිදේ අඩි 88ක පමණ ගැඹුරක් දක්වා ඇඳවැටුණේ ඔහුව මුදවාගැනීම තවදුරටත් අපහසු කාර්යයක් බවට පත්කරමින්.

මේ අතර සෙනසුරාදා දිනයේදී ළිඳ තුළට යැවූ කැමරාවක් මගින් දරුවාගේ තත්වය නිරීක්ෂණය කෙරුණු අතර පැය 24ක කාලයක් නිරාහාරව සිටින දරුවා  හුස්ම ගනිමින් සිටින බව බලධාරීන් මාධ්‍යට සඳහන් කළේය.

ඉකුත් දින දෙක පුරාවට මුදවාගැනීමේ කණ්ඩායම් 16ක් විවිධ ක්‍රමවලින් ඳරුවා මුදවාගැනීමට උත්සහයක කළ නමුත් සියලු උත්සහයන් ව්‍යර්ථ වූ තැන එම නං කුහරයට  සමාන්තරව අඩි 02ක් පමණ දුරින් මීටරයක විශ්කම්බයකින් යුත් තවත් උමගක් හෑරීමට මුදවාගැනීමේ කණ්ඩායම් තීරණය කළේය.

ඔවුන්ගේ අරමුණ බවට පත්ව ඇත්තේ මුදවාගැනීමේ සාමාජිකයින් දෙදෙනෙක් ඒ තුලට යවා දරුවා ගොඩට ගැනීමයි.

ඒ අනුව මුදවාගැනීමේ මෙහෙයුම්වල තුන්වන දිනය වන ඊයේ (27)  උදෑසන එම ස්ථානයට විශාල පොලොව හාරන යන්ත්‍රයක් ගෙනවිත් උමගේ කැණීම් ආරම්භ කළද එය ඉතාම මන්දගාමී ක්‍රියාවලියක් බවට පත්වුණේ ප්‍රෙද්ශයේ පොළව පාශාන සහිත එකක් වීම හේතුවෙන්. 

ඒ අනුව ප්‍රථමයෙන්ම පොලව හෑරිම සඳහා ගෙනා යන්ත්‍රය මාර්ගයෙන් අඩි 34ක ගැඹුරට වඩා කැණීම් කටයුතු සිදුකිරීමට අපොහොසත් වීම හේතුවෙන් ඊයේ පස්වරුවේ ඒ සඳහා වෙනත් යන්ත්‍රයක් රැගෙන ඒමට බලධාරීන් කටයුතු කරනු ලැබුවේය.

එම යන්ත්‍රයෙන්ද අද උදෑසන වණවිට කැණීම් සිදුකිරීමට හැකියාව ලැබී තිබුණ් තවත් අඩි 36 ක ප්‍රමාණයක් පමණයී.

මේ වනවිට අඩි 45ක් පමණ ගැඹුරට කැණීම් කටයුතු සිදුකර තිබුණද දරුවා සිරවී සිටින සීමාව දක්වා තවත් අඩි 40ක වැඩි ප්‍රමාණයක් කැණීම් කිරීමට සිදුව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ලිඳ තුළ සිරවී සිටින ළඳරුවාට අඛණ්ඩව ඔක්සිජන් සැපයුම ලබාදුන්නද පැය 60කට අධික කාලයක් නිරාහාරව එහි සිරවී සිටින සුර්ජීත් මේ වනවිට පොළව මතුපිට සිට සිදුකරන ආමන්ත්‍රණයන්ට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වන බව වාර්තා වේ.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ දරුවා සිහිසුන්ව සිටියද ඔහු හුස්ම ගනිමින් සිටින බවට නිරීක්ෂණය වී ඇති බවයි.

එමෙන්ම සුජිත් ලීඳ තුළ තවත් ගැඹුරට ලිස්සා නොයාමට අවශ්‍ය පරිදි කටයුතු යොදා ඇති බවද වාර්තා වේ.

කෙසේ වෙතත් ළඳරුවා මුදා ගැනීම සදහා සිදු කරන කැනීම් හේතුවෙන් ඔහු සිරවී සිටින  ස්ථානයට ඉහළින් අඩියක පමණ පස් තට්ටුවක් කඩා වැටී ඇති බව අද පස්වරුවේ ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. 

එහිදී වැඩිදුරටත් වාර්තා කර තිබුණේ උමගේ කැණීම් කටයුතු අවසන් කිරීමට තවත් පැය 12ක පමණ කාලයක් ගතවණු ඇති බවයි.

සුජීත් මුඳවාගැනීමේ මෙහෙයුම් සඳහා 300 දෙනෙකුගෙන් යුත් මුදවාගැනීමේ කණ්ඩායමක් අනුයුක්ත කර තිබේ.

ළඳරුවා මුදවාගැනීම සඳහා ඔහුගේ මව විසින්ම විශේෂ බෑගයක් මසන අයුරු දැක්වෙන සංවේදී ඡායාරූපයක්ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

මේ අතර දරුවා වෙනුවෙන් යාඥා කරමින් ඉන්දියාවේ දේවස්ථාන, කෝවිල් සහ මුස්ලිම් පල්ලිවල විශේෂ දේව මෙහෙයන් රැසක් පැවැත් විය.
 







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'