Logo
2019 නොවැම්බර් මස 22 වැනි සිකුරාදා

විරෝධතා මැද අධිවේගයේ කොටස් 3ක් විවෘත කෙරේ



දක්ෂිණ අධිවේගී මාර්ගය සහ කටුනායක අධිවේගී මාර්ගය යා කරන පිටත වටරවුම් මාර්ගයේ තුන්වන කොටස අද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණි. 

එමෙන්ම දක්ෂිණ අධිවේගි මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා කොටසක් ද අද විවෘත කෙරුණි. 

කෙසේ වෙතත් අදාළ ඉදිකිරීම් අංග සම්පූර්ණ නොමැති බව පවසමින් ප්‍රෙද්ශවාසීන්ගෙන් විරෝධතා එල්ල වුණි. 

දක්ෂිණ අධිවේගී මාර්ගය සහ කටුනායක අධිවේගී මාර්ගය යා කරන පිටත වටරවුම් මාර්ගයේ තුන්වන කොටස විවෘත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ සිදුකෙරුණි.

මෙලෙස විවෘත කෙරුණේ කඩවත සිට කෙරවලපිටිය දක්වා වූ කිලෝමීටර් 9.6 ක මාර්ග කොටසයි.

කෙසේ වෙතත් කෙරවලපිටිය පිවිසුම අසළට පැමිණි කෙරවලපිටිය ගලගහදූව ප්‍රදේශවාසීන් මාර්ගය විවෘත කිරීම සම්බන්ධයෙන් මෙලෙස විරෝධතාවක නිරත වුණි.

මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා දිගුවෙහි කොටසක් ද අද විවෘත කළේය.

ඒ, බරවකුඹුක සිට අන්දරවැව හරහා මත්තල දක්වා වූ කිලෝමීටර් 21.8 ක කොටස සහ අන්දරවැව සිට හම්බන්තොට දක්වා වූ කිලෝමීටර් 16.6 ක් වු මාර්ග කොටසයි.

මහාමාර්ග සහ මාර්ග සංවර්ධන හා ඛනිජ තෙල් සම්පත් අමාත්‍යාංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි සහ මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීම සිදු කෙරුණි.

කෙසේ වෙතත් මෙම මාර්ග කොටස් වැඩ නිමවීමට පෙර විවෘත කර ඇති බවට ප්‍රදේශයේ ජනතාව සහ මහජන නියෝජිතයින් චෝදනා කළේය.

මේ අතර බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ පූජ්‍ය අඟුළුගල්ලේ ජිනානන්ද හිමියන්ද මේ සම්බන්ධයෙන් අද මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කළේය.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'