Logo
2019 දෙසැම්බර් මස 14 වැනි සෙනසුරාදා

රාජිත පචවූ පසු පා ච ගේ පච පැක්ට්‍රිය වැඩ අරඹයි



ෂැන්ග්‍රිලා හෝටලය සඳහා කොළඹ යුධ හමුදා මූලස්ථානය තිබූ ඉඩම විකිනීම නිසා රාජපක්ෂලාට ඩොලර් මිලියන 5 ක පගාවක් එම සමාගම විසින් ලබාදී ඇති බව ඇමති චම්පික රණවක මහතා සඳහන් කළේය.

එම පගා මුදලින් ‘තංගල්ල බේ’ හෝටලය මිලදී ගැනීමට ඔවුන් කටයුතු කර ඇති බව ද ඇමතිවරයා කියා සිටියේය.

මෙම ඩොලර් මිලියන 5 ක් වංචා කිරීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති හා ගෝටාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා උත්තර දී යුතුව ඇති බව ද ඇමතිවරයා සඳහන් කළේය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

හමුදාවේ මූලස්තනානය පැයකි ඉඩමක් විකිණීමෙන් මෙන්ම නව හමුදා මූලස්ථානයක් ඉදි කිරීමෙන් ද වංචා කිරීමක් සිදු කර ඇතැයි ඔහු එහිදී සඳහන් කරන ලදී.

මෙම හොරුන්ට විරුද්ධව ජනතාවගේ තීන්දුව 16 වැනි දා ජනාධිපතිවරණයේ දී ලබාදෙන ලෙස ඉල්ලා සිටින බවද ඔහු එහිදී ඉල්ලි සිටියේය.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'