Logo
2019 දෙසැම්බර් මස 11 වැනි බදාදා

ජනපති අල්ලාගැනීමේ අවසන් උත්සාහයත් සජිත්ගෙන් ගිලිහේ



ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ හමුවීම සඳහා සජිත් ප්‍රේමදාස මහතා විසින් අවස්ථා ගණනාවකදීම ඉල්ලීම් කර ඇතත් වන ජනාධිපතිවරයා විසින් එම ඉල්ලීම් සැලකිල්ලට නොගෙන ඇති බව වාර්තාවෙයි.

හමුවීමට අවස්ථාවක් දෙන්නැයි ඉල්ලීම් කිරීමට සජිත් පේ‍්‍රමදාස මහතා දුරකතනය හරහා ජනාධිපතිවරයා සම්බන්ධ කර ගැනීමට කිහිප විටකදීම උත්සාහ කර ඇතත් ජනාධිපතිවරයා විසින් දුරකතනයට පිලිතුරු දීමට හෝ කටයුතු කර නැත.

ඒ අනුව අද ජනාධිපති මන්දිරයේ පැවැත්වෙන පොහොය දින වැඩසටහනටද සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වී නැත.

අද දිනය ඇතුලත ජනාධිපති මෛත්‍රීපාල සහ ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ දේශපාලන සාකච්ඡාවක් පැවැත්වෙන බවත් ඉන් අනතුරුව අද පස්වරුවේ පොළොන්නරුවේ පැවැත්වෙන සජිත් ප්‍රේමදාස මහතාගේ ජනහමුවකට ජනාධිපතිවරයා ගොඩවෙනු ඇති බවත් මාධ්‍ය ගණනාවකටම එක්සත් ජාතින පක්‍ෂ පාර්ශවයෙන් පුවත් ලබා දී තිබින.

ජනාධිපතිවරයා අද පස්වරුවේ පොළොන්නරුවට යාමට නියමිතව ඇතත් ඒ යන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ වේදිකාවට ගොඩ වීමට නොව පොළොන්නරුවේ ඉදි කරන ලද කෞතුකාගාරයක කොටසක් විවෘත කිරීම සඳහාය.

ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා බලාපොරොත්තුවෙන් සිටි ආකාරයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කිසිදු සහයෝගයක් මැතිවරණ ව්‍යාපාරය සඳහා ලබාගැනීමට නොහැකි වී ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආසන්න කාල සීමාවේදී අවස්ථා ගණනාවකදීම කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරය දරන ආණ්ඩුවට හෝ ඔහු අගමැති කරවන පුද්ගලයෙකුට තමන් කිසිදු සහයෝගයක් ලබා නොදෙන බවය.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'