Logo
2019 දෙසැම්බර් මස 14 වැනි සෙනසුරාදා

මැතිවරණ නීති කැඩූ 83ක් අත්අඩංගුවට



මැතිවරණ නීති උල්ලංඝණයකළ සැකකරුවන් 83  දෙනෙකු මේවන විට අත්අඩංගුවට ගෙන ඇති බව  පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෝෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

ජනාධිපතිවරණයට අදාල ආරක්ෂක ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීම සඳහා අද(14) පෙරවරුවේ  කොළඹ දී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මෙහිදි අදහස් දක්වමින් වැඩිදුරටත් ඒ මහතා පවසා සිටියේ, ජනාධිපතිවරණය වෙනුවෙන් විශේෂ රාජකාරී සඳහා පිටව ගිය පොලිස් නිලධාරීන් සිටින බවයි.

නිලධාරීන් අවම ප්‍රදේශයක් සිටින තැන්වලට මෙම නිලධාරීන් පිටව ගිය බවත් පැවසු රුවන් ගුණසේකර මහතා, සෑම පොලිස් නිලධාරියෙක්ම විශේෂ රාජකාරී වෙනුවෙන් ඒ ඒ පොලිස් ස්ථාන වෙත ගොස් ඇති බවද පැවසීය‍.

හෙට(15) උදෑසන වන විට සියලු රාජකාරී ආරම්භ කරන බවත් පැවසු ඒ මහතා, ජනාධිපතිවරණයට අදාළව දිවයිනේ පොලිස් ස්ථාන වෙත ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 105 ක් බවත්, එයට අමතරව නීති උල්ලංඝනය කිරීම් 111 ක් ලැබී ඇති බවත් කියා සිටියේය.

ඒ අනුව පැමිණිලි හා නීති උල්ලංඝනය කිරීම් වෙනුවෙන් සැකකරුවන් 83 ක් අත්අඩංගුවට ගෙන ඇතැයි ද ඒ මහතා පැවසීය.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'