Logo
2019 දෙසැම්බර් මස 13 වැනි සිකුරාදා

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තිදෙනෙකු නීතියේ රැහැනට



 

නාවික හමුදාව සහ පොලීසිය එක්ව කිරිබත්ගොඩ ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තිදෙනෙකු සමඟ කේරළ ගංජා කිලෝග්‍රෑම් 1.650ක් අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ.

අදාළ සැකකරුවන් ඊයේ(13) අත්අඩංගුවට ගත් බව නාවික හමුදා පවසයි.

ඒ අනුව, බටහිර නාවික විධානය සහ පොලිස් සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය හා පොලිස් විශේෂ කාර්ය බළකාය කිරිබත්ගොඩ ප්‍රදේශයේ සිදු කළ වැටලිමකදී මාර්ගයේ ගමන්ගත් සැක කටයුතු ත්‍රිරෝද රථයක් නිරීක්‍ෂණය කර, එය පරීක්‍ෂාවට ලක් කර ඇති අතර, එහිදී ත්‍රිරෝද රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයින් ළඟ තිබි මෙම කේරළ ගංජා ප්‍රමාණය සොයාගෙන ඇත. 

තවද, මෙම කේරළ ගංජා අලෙවි කිරිම සදහා රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර, සිදු කල වැඩිදුර විමර්ශනයේදී මෙම පුද්ගලයින් ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බව හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි.

එම සැකකරුවන් අවුරුදු 29, 32 සහ 47 වන වියෙහි පසුවන කැලණිය සහ වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති බව නාවික හමුදාව පවසයි.

අදාල සැකකරුවන්, ත්‍රි‍රෝද රථය සහ කේරළ ගංජා ප්‍රමාණය ඉදිරි විමර්ශන කටයුතු සඳහා කිරිබත්ගොඩ, පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'