Logo
2019 දෙසැම්බර් මස 12 වැනි බ්‍රහස්පතින්දා

වාර්තා රැසක් තබමින් ගෝඨාභය වැඩි ඡන්ද ලක්ෂ 13කින් මෙරට හත්වන විධායක ජනපති ධූරයට



මෙරට 7 වැනි ජනාධිපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපකෂ මහතා තෝරා පත්විය.

ඡන්ද දායකින් එක්කෝටි පනස් නව ලක්ෂ අනූ දෙදහස් අනූහය දෙනෙකු අතරින් 2019 ජනාධිපතිවරණයේ දී ඡන්ද 6,924,255 ලබා ගැනීමට ගෝඨාභය රාජපක්ෂ මහතා සමත් විය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී ලබා ගනු ලැබුවේ ඡන්ද 5,564,239 කි.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩි ඡන්ද 1,360,016 කින් 7 වන විධායක ජනාධිපති ලෙස පත්විය.

මෙවර මැතිවරණයේ දී සමස්තයක් ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා සමස්ත ඡන්ද ප්‍රතිඵලයෙන් සියයට 52.25 ක් දිනා ගත් අතර සජිත් ප්‍රේමදාස මහතා දිනා ගනු ලැබුවේ සියයට 41.99 ක් පමණි.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා සියයට 10.26 ක පරතරයකින් සජිත් ප්‍රේමදාස මහතා අභිබවා ඡන්දය හිමි කර ගෙන තිබේ.

2019 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයි 35 දෙනෙකු ඉදිරිපත් වි ඇති අතර එය මෙරට ඉතිහාසයේ ජනාධිපතිවරණයකට ඉදිරිපත්වු වැඩිම අපේක්ෂකයින් සංඛ්‍යාවයි.

තම අභිමතය පරිදි ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනිමට මෙවර සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් ගනන එක්කෝටි 59 ලක්ෂ 92,096 දෙනෙකි.

දිවයින පුරා පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථාන ගණන 12,845 ක දී ඡන්දය ප්‍රකාශ කිරීම සිදුවිය.

මීට සුළු වේලාවකට පෙර මැතිවරණ කොමිෂන් සභාවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් නිල වශයෙන් අවසන් ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කරමින් 7 වන විධායක ජනාධිපතිවරයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගන්නා බව පැවසීය.
රාජයෝග නොමැති පුද්ගලයෙකු ජනපතිවීම,රාජ්‍ය සේවකයෙකු ජනපතිවීම,රණවිරුවෙකු ජනපතිවීම,ජනපතිවරයෙකුගේ සහෝදරයෙකු ජනපතිවීම,සරම බැනියම නොඅදින පුද්ගලයෙකු ජනපතිවීම,දේශපාලකයෙකු නොවන පුද්ගලයෙකු ජනපතිවීම යන වාර්තා රැසක් මෙම ජයග්‍රණයත් සමඟ සනිටුහන්විය.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'