Logo
2019 දෙසැම්බර් මස 12 වැනි බ්‍රහස්පතින්දා

අගමැති ඉල්ලා අස්වුණු ඇමතිවරුන්ව ආදර්ශයට ගත යුතුයි-සෝභිත හිමි



සිය ධුරවලින් ඉල්ලා අස්වීමට අමාත්‍යවරුන් ගත් පියවර අග්‍රාමාත්‍යවරයාද ආදර්ශයට ගත යුතු බව ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසයි.

අද පැවති මාධ්‍ය හමුවකදී උන් වහන්සේ මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ හිමියන් මෙසේ ද පැවසීය.

"නව ජනපති තුමන්ගේ දේශපාලන ප්‍රතිපත්තීන් ඉදිරියට නිර්බාධකව පවත්වාගෙන යාමට අදාළ සෑම ජනාධිපතිතුමාට සෑම අංශයකම සහාය අවශ්‍යයි.

මේ වන විට වත්මන් රජයේ ඇමතිවරුන් සිය ධුරවලින් අස්වීම ඉතාමත් වැදගත් දෙයක්.

ඒ වගේම අග්‍රාමාත්‍යවරයාත් එය පූර්වාදර්ශයට ගත යුතුයි.

ඒ සඳහා තෙමසක් බලා සිටීම අනවශ්‍යයි.

ඒ මාස 3ක් තුළ රට අර්බුදයකට යෑමේ ඉඩක් තියෙනවා.

පාර්ලිමේන්තුව වහාම විසුරුවා හැර නව පාර්ලිමේන්තුවක් පත්කරගැනීම වගකීමක්."

එසේම අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග එක්වී රට ගොඩනැගීමට පෙළගැසෙන්නැයි මහා සංඝරත්නය ජනතාවගෙන් අද ඉල්ලීමක් කළේය.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'