Logo
2019 දෙසැම්බර් මස 14 වැනි සෙනසුරාදා

ජනපති වැඩ අරඹයි -නව ලේකම්වරු අධ්‍යක්ෂකවරු පත්වීම් ලබාගනී



ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පෙරවරුවේ සිය රාජකාරී වැඩ භාරගත්තේය.

එම අවස්ථා සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු මැති ඇමතිවරු රැසක් එක්ව සිටියහ.

මහා සංඝ රත්නයේ පිරිත් දේශනාව මැද ජනාධිපතිවරයා සිය ධුරයේ රාජකාරී ආරම්භ කරන ලදී.

ජනාධිපතිවරයා විසින් හිටපු මුදල් අමාත්‍යංශ ලේකම්වරයෙකුවන පී.බී. ජයසුන්දර මහතාව ජනාධිපති ලේකම්වරයා ලෙස පත්කරනු ලැබීය.

මේ අතර නව ආරක්ෂක ලේකම්වරයා ලෙස විශ‍්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පත් කර තිබේ.

මුදල් අමාත්‍යංශ හා මහා භාණ්ඩාර ලේකම් ලෙස පත් කර ඇත්තේ එස්.ආර්. ආටිගල මහතායි.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'