Logo
2019 දෙසැම්බර් මස 12 වැනි බ්‍රහස්පතින්දා

ගෝඨාගේ පලමු රාජ්‍යතාන්ත්‍රික හමුව



මෙමස 29වනදාට සිය රටට පැමිණේන ලෙසට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා විසින් නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට කළ ආරාධනය ඒ මහතා විසින් පිළි ගත් බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා පවසයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සංචාරයක් සඳහා අද (19) සවස ශ්‍රී ලංකාවට පැමිණි බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාල සඳහන් කළේය.

එතුමා සමඟ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් දෙදෙනෙකු ද පැමිණ ඇත.

ඔවුන් අද සවස 4.20 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණි ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි- 281 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'