Logo
2019 දෙසැම්බර් මස 11 වැනි බදාදා

සිංහල ජාතිය ගෝඨාගේ සෙවනේ සුරක්ෂිතයි-බොදුබලය විසුරුවා හරිනවා-ඥානසාර හිමිගෙන් ආන්දෝලනාත්මක කතාවක්



එළැඹෙන මහමැතිවරණයෙන් පසුව බොදුබල සේනා සංවිධානය විසුරුවා හරින බව එම සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසයි.

අද(19) කොළඹ පැවති මාධ්‍යහමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු උන්වහන්සේ කියා සිටියේ, පසුගිය වසර 4 හමාරක් තුළ රටේ ප්‍රධාන ජාතිය වු සිංහලයාගේ අභිමානය කෙලෙසන තැනට ඇතැම් දේශපාලඥයින් පැමිණි බවයි.

ඒ වෙනුවෙනු විවෘතව කථා කරන්න සිංහල නායකයින් බිය වුයේ මුස්ලිම් ඡන්ද ලබා ගැනීමට අවශ්‍ය නිසා බවත් පැවසු උන්වහන්සේ, “දැන් නිකන් ගෙදර තාත්තා ආවා වගේ“ යනුවෙන් පැවසීය.

පියෙක් නැතුව අනාථ වී සිටි ජාතිය, මරා දමා සිටි සිංහලකම දැන් අවදි වී ඇතැයි පැවසු ඥානසාර හිමියන් ඒ අවදි වීම සුළු ජාතිකයාට තර්ජනයක් නොවන බවත් කියා සිටියේය.

අපි ශික්ෂණය වී ඇත්තේ බෞද්ධ ධර්මය මත බවත් පැවසු උන්වහන්සේ, තමාට රට පුරා ගොස් විපරම් කිරිමට සිදුවුයේ වගකිව යුතු නායකත්වයක් රට තුළ නොසිටි නිසා බවත් පැවසීය.

දැන් ඒ ගැන බිය යුතු නොවන බවත්, මහ මැතිවරණය තෙක් බොදුබල සේනාව ක්‍රියාත්මක බවත් ඉන් අනතුරුව මෙය විසුරුවා හරින බවත්, තම කාර්ය වන්නේ සියලු මිනිසුන් වෙනුවෙන් ධර්ම චාරිකාවේ යෙදීම බවත් කියා සිටියේය.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'