Logo
2019 දෙසැම්බර් මස 8 වැනි ඉරිදා

ජම්පර් හේෂා රනිල්ට තර්ජණය කරයි



සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි.

අද පැවති මාධ්‍ය හමුවකදී සිය අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ පක්ෂය මේ වන විට වැටී ඇති අර්බුධකාරී තත්ත්වයෙන් ගොඩ ගැනීමට නම් රනිල් වික්‍රමසිංහ මහතා නව නායකත්වයක් වෙත ඉඩ ලබා දිය යුතු බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද පැවසීය.

"එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානයක් නොවන්නේ නම් පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයට හා පාර්ලිමේන්තු කණ්ඩායමට පක්ෂයේ තීරණ ගැනීමට හා සජිත් ප්‍රේමදාස මහතාට නායකත්වය ලබා නොදෙන්නේ නම් මම රක්වාන මැතිවරණ කොට්ඨාශයේ එජාප සංවිධායක ධුරයෙන් අයින් වෙනවා.

රනිල් වික්‍රමසිංහ පාක්ෂිකයන්ගේ තියෙන මතය පිළිබඳව අවබෝධයෙන් පක්ෂය වැටෙන්න යන මහා අගාධයෙන් බේරා ගත යුතුයි."






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'