Logo
2019 දෙසැම්බර් මස 11 වැනි බදාදා

රනිල් කරූ අකිල එක්ව සජිත්ට අවසන් පාපහරත් එල්ල කරයි-සජිත් ගෝලබාලයන්ද තනිකර පසුබසී



ක්සත් ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා ලෙස පත් කරන්නැයි කර තිබූ ඉල්ලීම කථානායක කරු ජයසූරිය මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

පාර්ලිමේන්තු සම්ප්‍රදාය හා පූර්වාදර්ශ සලකා බලමින් එම ඉල්ලීම ඉවත දැමීමට කතානායකවරයා කටයුතු කර ඇති බව වාර්තා වේ.

2015 වසරේදී මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමක් විපක්ෂය නියෝජනය කරමින් සිටි අවස්ථාවේ කටයුතු කළ අන්දමටම මෙවරද විපක්ෂ නායකයා තීරණය කරන බව කථානායකවරයා සදහන් කර තිබේ.

මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂයට ඇතුළු කණ්ඩායම් 2015 වර්ෂයේ දී ගියද ඔහුට විපක්ෂ නායක ධුරය ලබා නොදුන්නේ ඔහු නියෝජනය කරන පක්ෂ නායකයා නොවීම නිසා බවත් ඒ ආකාරයෙන්ම මෙවර එක්සත් ජාතික පක්ෂයේ නායකයා වන රනිල් වික‍්‍රමසිංහ මහතාට විපක්ෂ නායක ධුරය ලබා දීමට පක්‍ෂ නායක හමුවේදී තීරණය වී ඇත.

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායකයා ලෙස පිළිගන්නැයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල කාරියවසම් මහතා කථානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

එමෙන්ම සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක ලෙස පිළිගන්නා ලෙස ඉල්ලමින් එජාප මන්ත‍්‍රීන් 40ක් පමණ පිරිසක් ලිඛිතව කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'