Logo
2020 ජනවාරි මස 20 වැනි සඳුදා
Loading...

අමාත්‍යංශය තවමත් මගේ ළඟ-රංජිත් ද සොයිසා හොඳ සටන් සඟයෙක්-මහින්ද



එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත රංජිත් සොයිසා මහතාගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකෙරුණි.

ගොඩකවෙල මහඡන ක්‍රිඩාංගණයේදී අවසන් කටයුතු සිදු කෙරුණේ විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්.

එක්සත් ජනතා නිදහස් සන්ධාන රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා පසුගිය  බදාදා අභාවප්‍රාප්ත වූයේ සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

මියයන විට ඒ මහතා 57 හැවිරිදි වියේ පසුවුණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද ගොඩකවෙල,මස්ඉඹුල ප්‍රදේශයේ පිහිටි මන්ත්‍රීවරයාගේ නිවසට පැමිණ දේහයට අවසන් ගෞරව දැක්වූවේය.

සමරු පොතේ සටහනක් ද තැබූ ජනාධිපතිවරයා එහි සඳහන් කර තිබුණේ  "පසුගිය යහපාලන සාපයෙන් මේ රට මුදාගෙන මේ රටේ දුක් විදින අහිංසක ජනතාව වෙනුවෙන් පෙනී සිටිමින්,මගේ සහ මාතෘභූමියේ ජයග්‍රහණය වෙනුවෙන් අභීත දායකත්වයක් දැක්වූ ඔබට මාගේ හද පිරි උත්තමාචාරය,නිවන් සුව" ලෙසයි.

අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා ,මන්ත්‍රිවරයාගේ පවුලේ ඥාතීන්ට සිය සංවේගය පල කළේය.

කථානායක කරූ ජයසුරිය මහතා සහ මැති ඇමතිවරු රැසක් ද දේහයට අද අවසන් ගෞරව දැක්වූවේය.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් විසින් සිය සහෝදර සටන් සගයාගේ දේහය අවසන් කටයුතු සඳහා ගොඩකවෙල මහජන ක්‍රිඩාංගණය වෙත රැගෙන එනු ලැබූ අතර අවමංගල්‍යෝත්සවය පස්වරු දෙකට ඇරඹුණි.

එම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මහජන නියෝජිතයින්, ප්‍රදේශවාසීන්ද එක්ව සිටියේය.
 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'