Logo
2020 ජනවාරි මස 18 වැනි සෙනසුරාදා
Loading...

හකීම්ගේ මාධ්‍යයට සිදුකල තර්ජණයට එරෙහි පැමිණිල්ලේ සාක්ෂි සටහන් කරගනී



පෞද්ගලික නාලිකා දෙකකට හොඳ පාඩමක් උගන්වන බව පවසමින් රවුෆ් හකීම් මන්ත්‍රීවරයා ජනාධිපතිවරණ සමයේ කළ ප්‍රකාශයට එරෙහි පැමිණිල්ලේ ප්‍රකාශ සටහන් කරගැනීම අද (12) සිදුකෙරුණි.

නීතිඥ ප්‍රේමනාත්.සී.දොලවත්ත මහතා සහ පුජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමියන් මෙලෙස කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ප්‍රකාශ ලබාදුන්නේය.

පෞද්ගලික නාලිකා දෙකකට හොඳ පාඩමක් උගන්වන බව හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතා කියා සිටියේ ඉකුත් නොවැම්බර් 12 වැනිදා සජිත් ප්‍රේමදාස මහතාට සහාය පතා මාතලේ පැවති ජනාධිපතිවරණ රැලියකදීයි.

ඔහුගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් සත්‍ය ගවේෂකයෝ සංවිධානය සහ සිංහලේ අපි සංවිධානය නොවැම්බර් 14වනදා පොලිස් මූලස්ථානය වෙත පැමිණිලි ඉදිරිපත් කළේය.

එම පැමිණිලි කොළඹ අපරාධ කොට්ඨාසය වෙත යොමු කෙරුණු අතර අදාල සංවිධානවලින් ප්‍රකාශ සටහන් කරගැනීම අද දහවල් සිදු කෙරුණි.

මේ පිළිබඳව සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ ප්‍රේමනාත්.සී.දොලවත්ත මහතා මෙසේ මාධ්‍ය වෙත අදහස් දැක්වීය.

"රාජිත, බදියුදීන් අත්අඩංගුවට නොගන්නේ ඇයි?

ආණ්ඩුව නීතීය නිසි පරිදි ක්‍රියාත්මක කරන පාටක් තමයි තියෙන්නේ.

හේතුව..පැමිණිලි දැම්මට විමර්ශන කරලා නැහැ. පොලිසිය විමර්ශනය කරන්නේ දැන්.

තලතා, මංගල මාධ්‍යවලට දිගින් දිගටම බැන්නා.

දෙරණ නාලිකාවේ මාධ්‍යවේදීන්ට බැන්නා.

එහෙම කරපු යහපාලන ආණ්ඩුවේ වරදකරුවන් නීතිය ඉදිරියට ගේන්න ඕනේ"

සිංහලේ අපි සංවිධානයේ සභාපති පුජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමි පල කළේ මෙවන් අදහසකි.

"යහපාලනයේ නොහැකියාව වසා ගැනීමට මාධ්‍යයට බැන තර්ජනය කළා. ජනතාවගේ තොරතුරු දැනගැනීම උල්ලංඝනය කළා.

පිළිකුල් සහගතව එය හෙළා දකිනවා. අලුතින් පත්වුණු ආණ්ඩුවට කියනවා..මෙය පිටුවහලක් කරගන්න"

 

 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'