Logo
2020 ජනවාරි මස 20 වැනි සඳුදා
Loading...

රනිල් කිසිසේත් නායකත්වයෙන් නොයන බව පවසලා



එක්සත් ජාතික පක්ෂ නායකත්වය තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහතා සතුව පැවතිය යුතු බව නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා පවසයි.

අද(12) කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔහු සඳහන් කළේ ජනාධිපති අපේක්ෂකත්වය වෙනත් පුද්ගලයෙකුට ලබාදීම තුළින් පක්ෂය දුර්වල වූ බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂ නායකවරයා හා ඔවුන් සමඟ ගමන් කළ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයේ නායකයා ලෙස වැඩ කළ රනිල් වික්‍රමසිංහ මහතා සියලු දෙනා කැඳවා ගැඹුරු ප්‍රකාශයක් කළ බවයි.

මේ රටේ අනාගතය වෙනුවෙන් තමන් තවදුරටත් පක්ෂයේ නායකත්වය ඉදිරියට ගෙන යන බව පැවසු බවත් කියා සිටි ඒ මහතා, තම නායකත්වය ස්ථාවරව පවත්වා ගන්නා බව ද වික්‍රමසිංහ මහතා විසින් පැවසු බවත් එහිදී වික්‍රමබාහු මහතා පැවසීය.

දේශපාලනික වශයෙන් යම් කෙනෙක් ඉදිරියට පැමිණීමට උත්සහයක් දැරුවේ නම් එයට ඉඩ දුන් බවත් එයින් සිදුවුයේ පක්ෂයට හා රටට විනාශයක් බවත් ඒ ගැන වික්‍රමසිංහ මහතා කම්පා වෙන බවත් පැවසු බව ද මෙහිදී වික්‍රමබාහු මහතා කියා සිටියේය.

ඒනිසා ඉතා පැහැදිලි ලෙස තමන්ගේ උපරිම ශක්තිය යොදා නායකත්වය සම්බන්ධයෙන් වැඩ කිරීමට යන බවත් එහිදී පාර්ලිමේන්තුව තුළ හෝ පිටත පැමිණෙන බාධා සියල්ල මැඩ ගෙන යන්න සුදානම් බවක් රනිල් වික්‍රමසිංහ මහතා පැවසු බවත් මෙහිදී වික්‍රමබාහු කරුණාරත්න මහතා පැවසීය.

මෙම ප්‍රකාශය ගැන තමන් සතුටට පත් වු බවත් ඒ අනුව දිගටම එක්සත් ජාතික පක්ෂයේ නායකයා සමඟ එකතු වී මෙම සටන ඉදිරියට ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'