Logo

වටරැක විජිත හිමි රෝහලෙන් බන්ධනාගාරට

පොලිසියට බොරු ප්‍රකාශයක් දුන්නැයි සැකපිට අධිකරණයට ඉදිරිපත් කළ මහියංගනය ප්‍රාදේශීය සභා මන්ත්‍රී වටරැක විජිත හිමි ජූලි 02 වැනි දා තෙක් රක්ෂිත බන්ධණාගාරගත කර තිබේ. වටරැක විජිත හිමියන් කොළඹ ජාතික ‍රෝහලේ ප්‍රතිකාර ලබා අද රෝහලෙන් පිටව යන අවස්ථාවේදී පොලිස්සිය විසින් මෙසේ අත්අඩංගුවට ගනු ලැබිණි.

උන්වහන්සේ අද පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව පානදුර මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා එම නියෝග නිකුත් කොට අැත. අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී වටරැක විජිත හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ, උන්වහන්සේට ප්‍රතිකාර ලබා ගැනීමට අවස්ථාව සලසන ලෙසය. ඒ අනුව වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය නම් බන්ධනාගාර රෝහලෙන් එම පහසුව සලසන ලෙස මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර නිලධාරින්ට නියෝග කළේය. විජිත හිමියන්ට එරෙහිව මහියංගනය ශාසනාරක්ෂක බල මණ්ඩලය මීට මාස පහකට පෙර බ්‍රහ්ම දණ්ඩනය ද පනවා අැත.

දැන්වීම්
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- කැළුම් ජයසුමන
2014-06-18 17:22:53 - 1883925
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 1734115
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 1699876
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 1705002
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 1730785
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'