Logo
2020 පෙබරවාරි මස 27 වැනි බ්‍රහස්පතින්දා
Loading...

ලංකාවේ එතනොල් ලාබෙට තියෙද්දී විදේශවලින් මොකටද..?-වෛද්‍ය රමේෂ්



විවිධ අනපනත් හරහා මේ වටිනා සම්පත් පෞද්ගලික අංශයන්ට ලබා දෙන්නට කැස කවපු ආයතන ඌණ උපයෝගීතා අනපනත් අරගෙන ඇවිල්ල නැවත අරගෙන රජය හරහා ඔබලාට බාරදෙන්නට අපි කටයුතු කලා.එහි ප්‍රතිපලයක් හැටියට තමයි මේ කෙටි කාලයක් ඇතුලත ලාභදායි ආයතන බවට පත්කරන්නට ඔබලාට හැකියාව ලැබුනේ,යයි  වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ 2020 නව ඇඹරුම්වාරයට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.සෙවනගල සීනි කම්හලේ නව ඇඹරුම් වාරය 17 දා පෙරවරුවේ යෙදුන සුබ මොහොතින් ආරම්භ කරන ලදී.මේ අනුව දිනකට උක් ටොන් 1250 ක ප්‍රමාණයක් ඇඹරීම් කටයුතු සිදුකරනු ලබයි. මෙම අවස්ථාව සදහා රාජ්‍ය අමාත්‍ය ජානක වක් කුඹුර,පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ශාන්ත,ඌව පලාත් හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඇතුලු බොහෝ දෙනෙක් සහභාගී වී සිටින ලදී.

මෙහිදී වැඩිසුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වරයා කියා සිටියේ,

ඉදිරි වසර 10ක කාලය ලංකාවේ සංවර්ධනයේ ඉතා තීරණාත්මක කාලයක්. ඔබලාට සිහිනයක් තියෙනවා අපිටත් සිහිනයක් තියෙනවා.ඒ සිහිනට තමයි අපි සංවර්ධිත රටක ජීවත්විය යුතුයි කියන සිහිනය අපි කාටත් තියෙනවා.

මහින්ද මහත්තයා අපේ රට මැදි ආදායම් ලබන රටක් බවට මේ රට පත්කලා.ඒ ගමන අතර මගදී නැවතුනා ඒ ගමන සංවර්ධිත රටක් බවට බොහොම පැහැදිලිව ගොඨාභය රාජපක්ෂ මැතිතුමා පත්කරනවාය කියන එක ස්ථිරයි.බලන් ඉන්න අපි ඒ ගමන ආරම්භ කරලයි තියෙන්නේ.

අපි විශ්වාස කරනවා සෙවනගලට පැල්වත්තට ලාභාංශ බෙදල දෙන්න පුලුවන් වෙන කාලය වැඩි ඈතක නොවෙයි කියන එක. මේ කර්මාන්ත දියුණු කරන්න පුලුවන් කියන බවත් මේ වායි වැඩි ලාබයක් ගන්න පුලුවන් කියන එක අපිට හොදට පේන කාරණයක්‍.

 

මේ  රටට පිටරටින් එතනෝල් ආනයනය කරනව රුපියල් 1280ට  තමුන්නාන්සේලා නිෂ්පාදනය කරන ඒවා රුපියල් 350 ට ගන්නෙත් නැහැ.වහාම අපි ගෙන්නන එක නතර කලේ ගොවියා ආරක්ෂා කිරීමට උවමනා නිසයි. තමුන්නාන්සේලා සැපයුම දෙන තාක්කාල් ලංකාවට එතනෝල් ගෙන්වන්නේ නැහැ කියන එක අපි බොහොම පැහැදිලිව කියනව.

දැන් තියෙන්නේ සීනි ඒකාධිකාරයක් අපි කියනව දෙන්න පුලුවන් උපරිම මහිලට සීනි ලබා දෙන්න කියල.මේ අපි ජාතික සම්පත් ආරක්ෂා කරගන්නට අවශ්‍යයි. අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කීය.

මෙහිදී අදහස් දැක්වූ වැවිලි කර්මාන්ත හා කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා,

මීට පෙර සෙවනගල සීනි කම්හලේ බදවා ගැනීම් කරල තියෙනවා. මේ බදවා ගැනීම් කල තනතුරේ නෙවෙයි ඇතැම් අය වැඩ කරන්නේ. ඔබ දන්නවා මේ ආයතනය රැකෙන්නේ අව්වේ මේ වැස්සට තෙමෙන උක් ගොවියා නිසා තමයි මේ ආයතනය රැකෙන්නේ. ඒ අහින්සක උක් ගොවියා ආරක්ෂා කරන්නට ඒ අයට අතට කීයක් හරි දෙනවා නම් අපි ඒ වැඩේටයි අත ගැසිය යුත්තේ. මේ ආයතනයේ ස්ථිර නොකල සේවකයින් ඔබ කිව්වා වගේ වසර පහට වැඩිය සේවය කල අය ගැන අපි බලනවා ඉදිරියේදී ඒ අයගේ ස්ථීර කිරීම පිළිබදව අපි සලකා බලනවා. යයි අමාත්‍ය වරයා කීය.

– ඇඹිලිපිටිය ප්‍රගීත් ජනක





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'