Logo
2020 අප්‍රේල් මස 10 වැනි සිකුරාදා
Loading...

චීන ජනපතිගේ ජපාන සංචාරය ගැන ජපන් රජයෙන් නිවේදනයක්



චීන ජනාධිපතිවරයාගේ ජපාන රාජ්‍ය සංචාරය සැලසුම් කළ පරිදි මේ වසර තුළ සිදුවන බව ජපාන රජය පවසයි.

නව කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් චීන ජනාධිපති ෂී ජින් පින්ගේ ජපාන රාජ්‍ය සංචාරය අවලංගු වනු ඇති බවට පළවූ වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් ජපාන අමාත්‍ය මණ්ඩල ලේකම් යොෂිහිඩේ සුගා මේ බව සඳහන් කර තිබුණි.

ෂී ජින් පින් ජපානයේ සිය පළමු රාජ්‍ය සංචාරය මේ වසරේ දී සිදුකිරීමට සැලසුම් කර ඇති නමුත් ඊට අදාළ දින වකවානු මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත්වී නැත. 

කෙසේ වෙතත් චීන ජනාධිපතිවරයාගේ රාජ්‍ය සංචාරයට අදාළ කටයුතු මේ වන විටත් සූදානම් කෙරෙමින් පවතින බව ජපාන අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා සඳහන් කර ඇත.  

නව කොරෝනා වෛරස ආසාදිතයින් 186දෙනෙකු මේ වන විට ජපානයෙන්ද හදුනාගෙන ඇති අතර වෛරසය හේතුවෙන් එරට සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාව 6ක්. 





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'