Logo
2020 අප්‍රේල් මස 5 වැනි ඉරිදා
Loading...

කොරෝනා දකුණු කොරියාව ආක්‍රමණය කරයි-මරණ සංඛ්‍යාව ඉහළට-ශ්‍රිලාංකිකයන් රැසක් අවදානමේ



සැලකිය යුතු ශ්‍රී ලාංකිකයන් පිරිස්ක වෙසෙන දකුණු කොරියාවවෙන් අද වන විට කොරෝනා ආසාදිතයන් 5621 ක් හමුවී ඇති අතර මරණ සංඛ්‍යාව 33 දක්වා ඉහළ ගොස් ඇත.

එම තත්ත්වය හමුවේ 2020 මාර්තු මස 05 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පසුගිය දින 14 ක කාල සීමාවක් කොරියාවේ වාසය කර ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ නම් සිංගප්පූරුව හරහා ගමන් කිරීමට අවසර ලබා නොදෙන බවත් සිංගප්පූරු ගුවන් සේවය හැර වෙනත් ගුවන් සේවයක් හරහා ගුවන් ගමන් සැලසුම් කරගන්නා ලෙසත් දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දී ඇත.

මේ අතර කෝරෝනා වලින් පීඩාවට පත්ව සිටින චීනයේ ජනතාවට මෙරට ජනතාවගේ සහයෝගය පළ කරන බවට තේමාකරගනිමින් කොළඹ දේවිබාලිකා විද්‍යාලයේ සිසුවියන් පිරිසක් විසින් නිර්මාණය කරන ලද චිත්‍ර කිහිපයක් පසුගියදා මෙරට චීන තානාපති කාර්යාලට භාරදීමට ඔවුන් කටයුතු කර තිබුණි.

අනතුරුව අදාළ චිත්‍ර තානාපති කාර්යාලය හරහා චීනයට යැවීමට පියවර ගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් චීන ජනාධිපති ආර්යා පෙන්ග් ලියුආන් මහත්මිය සිය ප්‍රසාදය පළ කර ලිපියක්ද එම විද්‍යාලයට එවා තිබේ.

ලොව පුරා රටවල් 75 කට අධික ප්‍රමාණයකින් මේ වන විට නව කොරෝනා වෛරසය ආසාදිතයන් හමුවී ඇති අතර එම ගණන අනූ දෙදහසකට අධිකයි. 

වෛරසයෙන් මේ වනවිට පුද්ගලයන් තුන්දහස් එකසීයකට වැඩි පිරිසක් මියගොස් ඇති අතර වැඩිම මරණ සංඛ්‍යාවක් එනම් මරණ 2981 ක් වාර්තාවන්නේ චීනයෙන්.

ඒ අතර ලොව පුරා ආසාදිතයන් හතළිස් අටදහසක් සුවය ලබා ඇති බවද විදෙස් වාර්තාවල දැක්වෙයි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'