Logo
2020 අප්‍රේල් මස 10 වැනි සිකුරාදා
Loading...

කොරෝනා බ්‍රිතාන්‍ය කිරුළටත් තට්ටුකරයි-චාල්ස් කුමරු අවදානමේ



බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමාරයාටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ හේතුවෙන් ඔහු ස්කොට්ලන්තයේ ස්වයං නිරෝධායනයට ලක් වෙමින් සිටින්නේ යයිද වාර්තාවල දැක්වෙයි.

චාල්ස් කුමාරයට කොරෝනා වැලදී ඇති බවට ඔහුගේ කාර්යාලයද නිල වශයෙන් තහවුරු කර ඇත.

චාල්ස් කුමරු මේ වන විට 71 හැවිරිදි වන අතර එම වයස් සීමාව කොරෝනා වෛරසය වැලදුනු අයට සැලකෙන්නේ අවදානම් සීමාවක් ලෙසයි.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'