Logo
2020 සැප්තැම්බර් මස 20 වැනි ඉරිදා

චොකා මල්ලි පාර්ලිමේන්තු ආ උසාවි තීරණය ගැන ජනාධිපති හෙලි කරයි





විසිවෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ගැන අධිකරණය දුන් තීන්දුව මුල්කොටගෙන විපක්ෂය සහ එහි හිතවතුන් සමාජගත කර ගත කරමින් තිබෙන අදහස් වලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද පිළිතුරු දුන්නේය.

රාජ්‍ය අමාත්‍යවරුන් සමග ජනාධිපති කාර්යාලයේදී පැවැති රැස්වීමේදී විපක්ෂ චෝදනා ගැන සඳහන් කළ ජනාධිපතිතුමා ආණ්ඩුක්‍රම ව්‍යස්තාවේ විසිවැනි සංශෝධනයේ අරමුණ 19 සංශෝධනයෙන් පනවා ඇති බාධක ඉවත් කොට ඉදිරියට යාම බව පැවසීය.

‘සියල්ල එකවර වෙනස් කරන්න බැහැ. ඊට විශාල කාලයක් යනවා. විවිධ අදහස් ඉදිරිපත් කර තිබෙනවා. 19 සංශෝධනයේ ඇතැම් ලක්ෂණ එසේම තබා ගන්න අපට අවශ්‍යයි. මූලික අරමුණ ජනාධිපති ධූර කාලය නොවෙනස්ව පවත්වා ගනිමින් ඉදිරි වැඩ කරගෙන යාම’ ජනාධිපතිතුමා පැහැදිලි කලේය.

ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා මුල්කොටගෙන විපක්ෂය නගන චෝදනා ගැන අවධානය යොමුකළ ජනාධිපති රාජපක්ෂ මැතිතුමා තමා හෝ අග්‍රාමාත්‍යවරයා හෝ අධිකරණ ක්‍රියාවලියට කිසිදු බලපෑමක් නොකළ බව අවධාරණය කළේය.

‘බලපෑම් කරනවා නම් කළ යුතුව තිබුණේ මහාධිකරණයට. එවැන්නක් කිසිවිටෙකත් සිදු වූයේ නැහැ. අධිකරණ තීන්දුව දුන් විනිසුරුවරයා පත්කළේ ව්‍යවස්තා සභාව. එහි සිටියේ කරූ ජයසූරිය, සජිත් පේමදාස, තලතා අතුකෝරල ඇතුළු පිරිසක්. විපක්ෂයට එක් තීන්දුවක් හොඳයි අනෙක නරකයි’ ජනාධිපතිතුමා විග‍්‍රහ කලේය.

අභියාචනාධිකරණ විනිසුරුවරියා පත් කළ කලේද එකී ව්‍යවස්තා සභාවම බවද පෙන්වාදුන් ජනාධිපතිතුමා විපක්ෂයක් අසත්‍ය ප්‍රචාරයක නිරතව සිටින බව ද කීය.

– ජනාධිපති මාධ්‍ය අංශය







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'