Logo
2020 සැප්තැම්බර් මස 29 වැනි අඟහරුවාදා

වන අලි පහරදීමකින් පාසල් සිසුවෙක් මරුට





ගිරාඳුරුකෝට්ටේ පොලිස් වසමේ පහළරත්කිඳ ප්‍රදේශයේ දී වන අලි ප්‍රහාරයකට ලක්වීමෙන් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ රාත්‍රී 7.00 පමණ එම සිද්ධිය සිදු වී ඇති බව වාර්තා වේ.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 16 හැවිරිදි පහළරත්කිඳ, ගිරාඳුරුකොට්ටේ ප්‍රදේශයේ පදිංචි දරුවෙකි.

මෘත ශරීරය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද  සිදු කිරීමට නියමිත අතර ගිරාඳුරුකෝට්ටේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'