Logo
2020 සැප්තැම්බර් මස 30 වැනි බදාදා

අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය ආරුමුගන් තොණඩමන් වතු කම්කරු ජනතාවගේ සටන් නියමුවා ලෙස ඔවුන් වෙනුවෙන් සටන් කළා- අග්‍රාමාත්‍ය





අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය ආරුමුගන් තොණඩමන් මහතා වතු කම්කරු ජනතාවගේ සටන් නියමුවා ලෙස ඔවුන් වෙනුවෙන් සටන් කළ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (11) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන් මහතා පිළිබඳව වූ ශෝක යෝජනාව අද (11) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.

අග්‍රාමාත්‍ය, මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශෝක යෝජනාව ඉදිරිපත් කරමින් සඳහන් කළේ, තොණ්ඩමන් මහතාගේ හදිසි අභාවය මුළු මහත් වතු ජනතාවට මෙන්ම පෞද්ගලිකව එතුමාටද විශාල පාඩුවක් බවයි. දේශපානයේදී තොණ්ඩමන් මහතා පෞද්ගලික විශ්වාසවන්ත මිතුරෙක් බව සඳහන් කළ අග්‍රාමත්‍යවරයා දේශපාලන දිවියේ එතුමාගේ බලාපොරොත්තු ඉටු කිරීමට රජයක් වශයෙන් කටයුතු කරන බව සඳහන් කළේය.

1994 දී නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තරඟ කර දේශපාලනයට එක් වූ ඒ මහතා වසර 26ක් කාලයක් අඛණ්ඩව දේශපානයේ කටයුතු කළේය. තොණඩමන් මහතා  කම්කරු ජනතාවගේ  සටන් නියමුවා ලෙස ඔවුන් වෙනුවෙන් සටන් කළ බව කී අග්‍රාමාත්‍යවරයා, කිසි විටකත් වතු කම්කරුවන් අතර ත්‍රස්වාදී ක්‍රියා ඇති වීමට ඉඩක් තැබුවේ නැති බව ද පැවසීය.


අමාත්‍යධූරයක් ලැබූ සෑම විටකම වතු ජනතාව වෙනුවෙන් සේවය කිරීම වෙනුවෙන් කතා කළ බව කී අග්‍රාමාත්‍යවරයා වතුජනතාවගේ වතු නිවාස ඉදි කිරීම්, රෝහල්, පාසල් , විශ්ව විද්‍යාල ඉදිකිරීම් වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කළ බව පෙන්වා දුන්නේය.


එතුමාගේ පුත් ජීවන් තොණ්ඩමන් මහතා ඉදිරියේදී වතු ජනතාව වෙනුවෙන් එළෙස සේවය කරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් කීය






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'