Logo
2020 ඔක්තෝම්බර් මස 28 වැනි බදාදා

අනගාරික ධර්මපාල කලු සුද්දෙක්-නිර්මාල් දේවසිරි





"කලු සුද්දා" යනු බටහිර අනුකරණය කළ ස්වදේශිකයින් සඳහා පාවිච්චි කළ ගර්හා පදයයි. ඉන්දියාවේ පාවිචිචි වූ මීට සමාන පදය "බ්‍රවුන් සහීබ්" යන්නයි.

අනගාරික ධර්මපාල කළේ කුමක්ද?

ඔහු ලංකාව සඳහා, විශේෂයෙන්ම දකුණේ සිංහල-බෞද්ධ සමාජය සඳහා නව අනාගත සමාජයක් පරිකල්පනය කළේය. ඒ සමාජය ඇති කිරීම සඳහා වෙහෙස විය. මේ සමාජය සඳහා ඔහුට මූලික ආවේශය පැමිණියේ කිනම් සමාජ අත්දැකීම් සමස්තයකින් ද? පැහැදිළිව බටහිරිනි. ඔහු ලංකාවේ පැරණි ශිෂ්ටාචාරය ගැන කතා කලේ එය නැවත පුනරුත්ථාපනය කිරීම සඳහා නොවේ. "අපි ආදි කාලයේ දියුණු ශිෂ්ටාචාරයක් ගොඩනැංවූ ජාතියක් වීමු" යන ආඩම්බරය ඇති කරගෙන ඒ තුළින් මෙහෙය වී බටහිර සමඟ පවා තරඟ කළ හැකි නවීන සමාජයක් ගොඩනැංවිය යුතුය යන දැක්ම මතය. නම් ගම් ඇඳුම් පැළදුම් වැනි මතුපිට අංග වලින් මෙහි ස්වදේශිකත්වයක් පැවැතියද හරයාත්මක වශයෙන් ධර්මපාල පරිකල්පනය කළ සමාජයේ මූලික දිශානතිය නවීන බටහිර ශිෂ්ටාචාරයේ ම දිගුවක් වන සමාජයකි. දැන් ගොඩ නැංවී ඇත්තේ (ගුන්ඩර් ෆ්‍රෑන්ක්ගේ අර්ථයෙන්) එහි ඌන සංවර්ධිත ස්වරූපයක් යැයි අපට කිව හැක.

Nirmal Dewasiri






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'