Logo
2020 ඔක්තෝම්බර් මස 29 වැනි බ්‍රහස්පතින්දා

මහනුවර ගොඩනැගිල්ලක් ගිලා බැසීම : එකම පවුලේ තිදෙනෙකු මරුට





මහනුවර ගොඩනැගිල්ලක් ගිලා බැසීම හේතුවෙන් මියගිය මාස එකහමාරක් වයසැති බිළිඳාගේ මව සහ පියාගේ සිරුරුත් සොයාගෙන තිබේ.

මහනුවර, බූවැලිකඩ ප්‍රදේශයේ තට්ටු 5කින් සමන්විත ගොඩනැගිල්ලක් අද අලුයම ගිලා බැසීමකට ලක්ව තිබේ.

එහිදී යාබද නිවසක සිරවී සිටි මව, පියා සහ බිළිඳා බේරා ගැනීමට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කළේය.

බිළිඳාගේ සිරුර අද උදෑසන සොයාගත් අතර, මීට ටික වේලාවකට පෙර මව සහ පියාගේ සිරුරු සොයාගනු ලැබිණි.

ගොඩනැගිල්ල ගිලා බැසීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'